ටෙස්ට් ක්‍රීඩක නිෂාන්ට , මීගමුව ශාන්ත පීතර විද්‍යාලයෙන් උපහාර

0
313

 

 

මීගමුව ශාන්ත පීතර විද්‍යාලයෙන් ශ්‍රී ලාංකා ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට  වරම් ලැබූ නිශාන් පීරිස් ක්‍රීඩකයාට ඔහු අධ්‍යාපනය ලැබූ මීගමුව ශාන්ත පීතර විද්‍යාලයෙන් උපහාර පිරිනැමේ.

මෙම උපහාර උත්සවය අද දින (2024/10/08) පෙරවරුවේදී එම විද්‍යාලීය එලිමහන් පරිශ්‍රයේදී පැවැත්විණි.. විද්‍යාලීය නව විදුහල්පති ආනන්ද ලේකම්ගේ මහතා සහ එහි නියෝජ්‍ය විදුහල්පති ඇතුළු අනෙකුත් ගුරුභවතුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උපහාර උත්සවය පවත්වනු ලැබීය.
විද්‍යාලීය තූර්යවාදක කණ්ඩායම පෙරටුකොටගත් නිෂාන් පිරිස් ක්‍රීඩකයාව එම විද්‍යාලය වෙත කැඳවාගෙන ඒම සිදුවිය . එහිදී විද්‍යාලීය පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් තම ක්‍රිකට් පිති ඉහළට ඔසවා ඒ මැදින් නිශාන් පීරිස්ව විද්‍යාලය වෙත මහත් හරසරින් පිළිගන්නා ලදී. විද්‍යාලීය ගුරු මණ්ඩලයේ සහ විද්‍යාලිය  සිසු දරු දැරියන්ගේ ඔල්වරසන් සහ අත්පොළසන් නාදය මැද ඔහුව විද්‍යාලීය එළිමහන් පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබීය.IMG 20241008 WA0019

එහිදී විදුහල්පති ආනන්ද ලේකම්ගේ මහතා, සහ විද්‍යාලයේ ක්‍රීඩා කටයුතු භාරව කටයුතු කළ මේ වන විට විශ්‍රාම ගොස් ඇති ලක්ෂ්මන් සමරනායක ගුරු මහතා ද විද්‍යාලයේ ක්‍රීඩා කටයුතු සහ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳවද විශේෂයෙන්ම නිෂාන් පීරිස්  එම විද්‍යාලයේන් ක්‍රිකට් ක්‍රීඩාවට නැඹුරු වු  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරු දසුන් ශානක ක්‍රීඩකයා පිළිබඳවද දෙසුම් පැවැත්වූහ.
IMG 20241008 WA0017  IMG 20241008 WA0024 IMG 20241008 WA0015 1 IMG 20241008 WA0016
එලෙසම නිශාන් පීරිස් ක්‍රීඩකයාට උපහාර දැක්වීමේ මෙම උත්සවයට සමගාමීව එවකට මෙම පාසලේදී නිශාන් පීරිස්ගේ ක්‍රිකට් ක්‍රීඩාවට තිබූ දක්ෂතාවයන් හඳුනාගෙන විශේෂයෙන්ම ඔහුගේ දකුණත් දඟ පන්දු යැවීම හඳුනාගෙන ඒ සඳහා ඔහුව උනන්දු කරමින් ඔහුට අනගි ක්‍රිකට් පුහුණුවක් ලබා දුන්,  එවකට පාසලේ හිටපු ක්‍රිකට් පුහුණුකරු වූ ගිහාන් සුදීප මහතාටද  උපහාර පිදීමක් සිදුවිය. මෙහිදී නිශාන් පීරිස් ක්‍රීඩකයාට සහ ඔහුගේ පාසල් ක්‍රිකට් පුහුණුකරු වු ගිහාන් සුදීප මහතාට සමරු තිළිණ ප්‍රදානයක්ද සිදු කෙරිනි.
ඉන්පසුව උපහාර උත්සවය ඇමතු නිෂාන් පීරිස් ක්‍රීඩකයා තමන්ට මෙම පාසලේදී පළමු වසරේ සිට උසස් පෙළ  දක්වා වූ කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු අනෙකුත් විෂයන් තුලින්ද  අධ්‍යාපනය ලබා දුන් සියලු ගුරුවර, ගුරුවරියන්ට සිය ස්තූතිය සහ ආචාරය පුද කළේය. එලෙසම ඔහු එහිදී ප්‍රකාශ කළේ ශාන්ත, පීතර විද්‍යාලයේ ක්‍රීඩා කටයුතුවලදී මෙන්ම  පාසලේ වෙනත් ඕනෑම කටයුත්තකදී අවශ්‍ය සහය දැක්වීමට තමන්  සූදානමින් සිටින බවයි.IMG 20241008 WA0025 2

මෙම උපහාර උත්සවය සඳහා නිෂාන් පීරිස් ගේ දෙමව්පියන්, ඔහුගේ බාල සොහොයුරිය ඇතුළු පිරිසක් සහභාගී වුහ. එලෙසම මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ,  මෙන්ම  කනිෂ්ඨ  සහ ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍ය  සංගම්වල සාමාජික සාමාජිකාවන් පිරිසක්ද මෙම උත්සවයට සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here