ඩඩ්ලි මාකර්ට් ගොඩනැඟිල්ලේ වංචා ,දුෂන රැසක් හෙළිවේ!

0
72

කාමච්චෝඩේ දැනට කලක් තිස්සේ ඉඳිවෙමින් පවතින ඩඩ්ලි මාර්කට් ගොඩනැගිල්ලට අදාල වංචා ,දුෂණ රැසක් සිදුව ඇතැයි වාර්තාවේ.

නගරාධිපති දයාන් ලංසාගේ.කාලයේ මේ ගොඩනැඟිල්ල ලහිලහියේ කඩා දැමුනේ නව ඉඳිකිරිමක් වෙනුවෙන් මුදල් පවා නොතිබුන පසුබිමකය.

මුල් සැලැස්ම වි තිබුනේ තට්ටු 4ක ගොඩනැඟිල්ලක් ඉඳිකිරිමටය.මේ තුල මාර්කට් එක මෙන්ම නිවාස සංකිර්ණයක් ඉඳිකිරිමද අරමුණ විය.මේ සඳහා ඇස්තමේන්තු ගත මුදල රු කෝටි 45 ක් වු බව සැලය.

එහෙත් දැන් ඉඳිකරමින් ඇත්තේ තට්ටු දෙකක ගොඩනැඟිල්ලකි.ඒ වෙනුවෙන් ඇස්තමේන්තු ගත මුදල වන්නේද රු 45 ක් බව තතු දත් මිගමුවේ ජේෂ්ඨ මන්ත්‍රීවරයකු මීපුරට කියා සිටියේය.

මේසා දැවැන්ත වියදමක් දරමින් මේ ඉඳිකිරිම  සඳහා ටෙන්ඩර් දමා තිබුන එක් ආයතනයක් යුේ මයික්‍රෝ නම් වු ආයතනයයි
අදාල ටෙන්ඩරයේදි ඉදිරිපත් කර තිබුන ඇතැම් ලේඛණ ව්‍යාජ ඒවා බල ඉජිනේරුවරයා විසින් ටෙන්ඩර් කමිටුවට දන්වා තිබුණි.

ඒ අනුව යළිත් වරක් ටෙන්ඩර  කැඳවිම සිදුව තිබුන අතර එහිදිද ඉදිරිපත්ව තිබුනේ මයික්‍රෝ ආයතනයේ  ටෙන්ඩරයක් පමණි.සිදුවන්නට ඇති දේ තේරුම් ගැනිම ලංසා පවුල පාලනය ගැන දන්නා අය ඉතා හොදින්ම දනි.

සිදුවිය යුතුව තිබුනේ මයික්‍රෝ ආයතනය  අසාදුු ලේඛණගතකිරිම වුවද ,කූට වංචා සිදුකර තිබුන ඒ කොන්ත්‍රාත් සමාගමටම කෙසේ හෝ මෙම ඉඳිකිරිම භාරදිමට ලංසා පවුල් පාලනය කටයුතු කර තිබුණි.

ඉන් කියැවෙන්නේ අතිශය බියකරු කතාවකි.පළාත් පාලන නීතිය හෝ නිවරදි ටෙන්ඩර් පටිපාටි ලංසාල පවුලට  අදාලම  නැතිවා සේය.
ගාන කැපෙන්නේ නම් ආසාදු ලේඛණවලට තල්ලු කර දැමු සමාගමකට වුවද කොන්ත්‍රාත් පිරිනැමේ.

මීට පෙර මිගමුව බස්නැතුම්පල සංකීර්ණය ඉදිකරන අවස්ථාවේදි නිමල් ලංසා විසින් සිදුකර තිබුනේද ඒ සා විශාල ව්‍යාපෘතියක් කිරිමට තරම් සුදුසු නොවන ආයතනයක් වෙත ඒ කොන්ත්‍රාත්තුව පිරිනමා තිබිමයි.
මිගමුව අරභයා ඇති අරුම පුදුම කාරණය නම් යුක්තිය සාධාරණත්ව වෙනුවෙන් පෙනි සිටිනවා යැයි කියන පුද්ගලයන් හෝ සංවිධාන කිසිවක් මේ දැවැන්ත වංචා දුෂණ සම්බන්ධයෙන් නිහඩව සිටිමය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here