( 8.00 am ) ඩඩ්ලි සේනානායක නමින් වු කාමච්චෝඩේ පිහිටි වෙළද පොල ගොඩනැගිල්ල කඩිමුඩියේ වෙළදුන්ටද තග දමා කඩා දැමුවේ මිගමුව නගරාධිපති දයාන් ලංසා විසිනි.
ඒ මිට වසර 5 කටත් පෙරය .
මේ නිසාම දශක ගණනාවක් පුරාවට එහි කඩ පවත්වාගෙන ගිය වෙළදුන් විශාල පිරිසක් මේ වන විට යන ඒන මන් නැතිව සිටිති.
මෙසේ කඩිමුඩියේ කඩා දැමු පසු එය අලුතින් ඉදිකිරිමට මුදල් නැතැයි එය කඩා දමා වසරකට පසු මහසභාරැස්විමකදි කියා සිටියේ 2021 පෙබරවාරි මාසයේදිය
පසුගිය දශක දෙකකට ආසන්න කාලය ලංසා පවුල මිගමුවේ දියත් කරන්නට යෙදුණු සියළු ව්‍යාපෘතින් පැහැදිලිව සුදු අලින් පමණක් බව ඉතා පැහැදිලිය.
වසර ගණණාවක් ඉක්ම ගොස් තිබුණද තවමත් විවෘත කරගැනිමට බැරි වු කාමච්චෝඩේ වෙළද සංකිර්ණය තවත් එක් පැහැදිලිව උදාහරණකි .
කඩ හදා ඉතිරි කොටසේ පමණක් බස් නැවැත්විම සදහා හැදු .මිගමුවෙ බස් නැවතුමේද පහල මාලය හැරෙන්නට ඉහල මාලය කිසිදු ප්‍රයොජනයකට ගත හැකි තත්වයක නැති බවද සැලය.
ඩඩ්ලි මාකට් ඒකේ ඉදිකිරිම් පමාවි ඇරඹි තිබුණද ඒය තවමත් අවසන් නැත. දැනට මේ ඉදිකිරිම් පවා කරමින් සිටින්නේ ටෙන්ඩරය අනුමත කරගත් ආයතනය විසින් නොවේ . එවැන්නක් කිරිමට තාක්ෂණික සුදුසුකම් නැති පිරිසක් විසින් බවත් සැලය.
මෙහි වලයේ වැඩ නිමනොකර තිබියදි පසුගිය වසරේ මහමැතිවරණයට කලින්ම මුදල් ගෙවා තිබුනේ නගර සභාවේ සේවකයන්ට ගෙවිමට වෙන්කර තිබු මුදල් පවා භාවිතා කරමිනි.
මේ සකලාකාර දුෂණ වංචාවන්ට එරෙහිව නිරන්තරයෙන්ම මිගමුව මහනගර සභාව තුලදි සටන් කරන ලද්දේ ඉතාමත් සිමිත මන්ත්‍රිවරුන් පිරිසකි.
සංගිත් පෙරේරා, කපිල නන්ද සුලෝචන,සුමිත්, නාමල් වේවැලිදෙණිය, චාමර, කාංචනා වැනි පිරිසකි. මේ පිරිස අද මිගමුව මහනගර සභාව සදහා වෙන වෙනම තරග වැදුනද සැබැවින්ම මිලග නගර සභාව තුල පවා සිටිය යුතුම අයවලුන් වෙති.
ලංසාලාගේ මේ මජර වැඩ වලට එරෙහි මහනගර සභාවට පිටින් සමාජය තුල සිටිමින් ඊට කොන්දේසි විරහිතව සටන් කලේද ඉතාමත් සුලු පිරිසකි.මිගමුවේ විවිධ රාජ්‍ය නොවන සංවිධාන තිබුණද ඔවුන්ද නිහඩව සිටියේය. පුරවැසි කමිටු පවා සිටියේ මේ වංචා දුෂණ ගැන නෑසු කන් ඇතිවය.
ඒ් ඇරෙන්නට මේ දුෂණ වංචා දශක ගණනාවක් සිදුවුවද මිගමුව මාලිමාමේ නාමයෝජනා ලයිස්තුවේ සිටින සංගිත් පෙරේරා ඇරෙන්නට අඛණ්ඩව ලංසලාට අභියොග කළ අය කව්දැයි සොයා ගැනිම අපහසු වි තිබේ.