ඩයනා එක්ක පාර්ලිමේන්තු ආ සජ‌බෙටත් වැඩ වරදීද?

0
245
පුරවැසි භාවය නැති කෙනෙක් ලියාපදිංචි කළ පක්ෂයකින් පාර්ලිමේන්තු ආ අය හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්නැයි

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දී තිබෙන බව කී අමාත්‍යවරයා ඒ තීන්දුව අභියෝගයට ලක් කරන්නේ නැති නමුත් ඒ සමග තවත් ප්‍රශ්නයක් පැන නගින බව කීය.

ඩයනා ගමගේ ට පුරවැසි භාවය නැතැයි කියමින් අදාල තීන්දුව ලබාදී තිබෙන බව කී අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සිටින බොහෝ මන්ත්‍රී පිරිසකගේ පක්ෂය ලියාපදිංචි කර තිබෙන්නේ එලෙස පුරවැසිභාවය නැති  ඩයනා ගමගේ බව පැවසීය.

ඒ අනුව සමගි ජන බලවේගය ඇත්තටම නීත්‍යානුකූලව වලංගු දැයි ප්‍රශ්නයක් එන බව අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේය.

 

 

theleader.lk