ඩලස් හැර අනෙක් ඇමතිවරු ජනපති නියමය නොසලා හැරලා!

0
61

Dullas-HEඅමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් නොවන අමාත්‍යවරුන් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව විෂයන් හා කාර්යයන් පැවරීමට කටයුතු කරන්නයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැබිනට් අමාත්‍ය මණ්ඩලයට ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇත්තේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පමණක් බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියමය පරිදි, අදාළ විෂය භාර රාජ්‍ය  අමාත්‍යවරුන් වෙත විෂයන් හා කාර්යයන් නිශ්චිතවම පවරා දීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (5) ව්‍යවස්ථාව ප්‍රකාරව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අවශ්‍ය  පියවර ගන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් සියලුම අමාත්‍යංශ වල ලේකම්වරුන්ට මේවනවිට ලිඛිත දැනුම්දීමක් කර තිබේ.

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(5) යටතේ විෂයන් හා කාර්යයන් පැවරීම’ යන ශීර්ෂයෙන් යුතුව ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත්කර ඇති එම ලිපියේ මෙසේ සඳහන්වේ.

”අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් නොවන අමාත්‍යවරුන් සඳහා විෂයන් හා කාර්යයන් පැවරීමට අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරි පත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට 2019/12/10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි සියලුම අමාත්‍යවරුන්ගේ එකඟතාවය හා අනුමැතිය ලැබි ඇත.

එකී අනුමැතිය පරිදි ඔබගේ අමාත්‍යංශයට අදාල වන රාජ්‍ය අමාත්‍යංශ සඳහා වෙන්කර දිය යුතු විෂයන් හා කර්තව්‍යයන් ඊට අදාල ආයතන හා අණපනත් සහිත ලේඛනය මේ සමග අමුණා ඇත.

ඒ අනුව උක්ත විෂයන් හා කාර්යයන් අදාළ විෂය භාර රාජ්‍ය  අමාත්‍යවරයා / රාජ්‍ය අමාත්‍යවරුන් වෙත නිශ්චිතවම පවරා දීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (5) ව්‍යවස්ථාව ප්‍රකාරව ගැසට් නිවේදනයක් මගින් නිකුත් කිරිම සඳහා අවශ්‍ය  පියවර ගන්නා මෙන් අතිගරු ජනාධිපති තුමාගේ නියමය පරිදි කාරුණිකව දන්වා සිටිමි.

එසේම ඊට අමතරව තවදුරටත් ඔබගේ ගරු අමාත්‍යතුමා විසින් රාජ්‍ය අමාත්‍යතුමා වෙතින් ඉටුකර ගැනීමට අපේක්ෂා කරනු ලබන කාර්යයන් ඇත්නම්, ඊට අදාල ආයතන, විෂයන් හා කාර්යයන් සහ අණපනත්ද උක්ත ගැසට් නිවේදනයට ඇතුලත් කිරීමට පියවර ගන්නා මෙන් තවදුරටත් දන්වා සිටිමි.”

He Letter

ඩලස්ගේ ආදර්ශය :

රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස නාමමාත්‍රීකව පත්කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනයින් පවා කුඩම්මාගේ සැලකුම් ලබමින් සිටියදී අධ්‍යාපන හා ක්‍රීඩා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, තරුණ කටයුතු සම්බන්ධයෙන් ඔහුට හිමි ආයතන හයක බලතල ශ්‍රීලනිප ජාතික සංවිධායක තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායකට පවරා තිබේ.

මෙම පවරාදීම සිදුකර ඇත්තේ දෙසැම්බර් 18 දින අංක 2154/10 අංක දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින්ය.
theleader.lk