ඩාබිඳු ,නිදහස් වෙළඳ කලාපය එදා සහ අද…

0
416

ඩාබිඳු සාමුහිකයේ 38 වෙනි සංවත්සරයට අදාලව ඡායාරූප කීපයක් අද ⁣ෆේස් බුක් පිටු කිපයකම තියෙනව දැක්කා.

ඒකත් එක්කම අපේ මතකයත් මිට 36 කට විතර එහාට ගිහින් ඒ කාලේ ඩාබිඳු හා බැදුන විවිධ මතක සටහන් අතර නවතින්න පටන් ගත්තා.

ඩාබිඳු පත්තරේ සිස්ටර් විවියන් කුමුදුු රෝසා සහ සමන්මලිල එකතු වෙලා පටන් අරන් තිබුන.ඒ කාලේ අපි කටුනායක තරුණයෝ පිරිසක් එකතු වෙලා යෞවන අධ්‍යයන කවය කියල කුඩා කණ්ඩායමක් හදාගෙන ශු පවුලේ කන්‍යාරාමයේ ගරු ක්ලැරිස් මව්තුමිය සහ ගරු විවියන් කන්‍යා සොහොයුරිය ඇතුලු පිරිස සමගින් ගමේ වගෙම නිදහස් වෙලඳ කලාප කම්කරු සහෝදර ,සහෝදරියන් එක්කත් ගොඩක් වැඩ කළා.

කාලයක් ඩාබිඳු පත්තරේ වගකිමත් කරට අරන් කලාප කිපයකුත් කලා.

ඒ කාලේ තමයි ඩාබිඳු පත්තරේට කවියක් ලියපු මැණිකේ කියන කම්කරු සහෝදරියව එයා වැඩකරපු ආයතනයේ පාලකයා විසින් අයින් කරන්නේ.

මැණිකෙට වෙනත් ආයතනයක රැකියාවක් හොයල දෙන්න කියල අපි අතර පිරිසක් යෝජනා කරද්දි අපි තදින්ම ඒකට විරුද්ධ වුනා.අපි කිව්වා නැ.අනිවාර්යයෙන්ම මැණිකෙට රස්සාව අරන් දෙන්න අපි සටන් කරන්න ඔනා කියල.

එහෙම කිව්වා විතරක් නෙමේ අපි ඒකට ගම් මට්ටමින් වගේම ජාතික ,ජාත්‍යන්තර මට්ටමින් දැවැන්ත අරගලයක් සංවිධානය කළා .එතකං අපි මැනිකෙව ක්‍රිස්තු නිවාසෙට කැන්දන් ඇවිත් ටයිපින් පුරුදු කරන්න ලැස්ති කලා.එහෙම ඉන්න කොට මැණිකේ දෙවන කවියත් ලියනව පාලකයන්ට එරෙහිව.⁣

කොහොම හරි අපි මාස 2කකට පස්සේ අරගලය ජයගන්නේ හිඟ වැටුපත් සමගින්.

මැණිකෙට රස්සාව අරන් දුන්නට පස්සේ අපි ඩාබ්ඳු පත්තරේ කරන වගකිමෙන් අයින් වෙනවා.

සමන්මලිල දිගටම කරගෙන යනව.

අතර අපි නිදහස් වෙලද කලාපය තුල තැලුනා මැරුණා ඇති කියල දැවැන්ත අරගලයක් දියත් කරනව බ්‍රිටෝ සහ ජයන්තිගේ මුලිකත්වයෙන් ..

ඒ කාලේ නිරන්තරයෙන්ම සටන් ඇවිල ගිය කාලයක් වුනා.

කොහොම උනත් ඒ කාලේ කලාපේ වැඩකරන කණ්ඩායම් අතර හොද සම්බන්ධිකරණයක් තිබුන වගේම සාමුහිකත්වයකුත් තිබුන.

පස්සේ අරමුදල් මුදලාලිකරණය වෙන්න පටන ගත්තට පස්සේ අර තිබුන සාමුහිකත්වයත් ටික ටික අඩුවුනා.

මාධ්‍ය සංදර්ශණ වලට ලඝුවුන අරගල අස්සේ සාමුහිකත්වය වාෂ්ප වෙලා යන්න පටන් ගත්තා.

අදටත් කණ්ඩායම් ගණනාවක් කලාපය තුල කම්කරුවන් වෙනුවෙන් වැඩකරනවා.නමුත් අර එදා තිබුන සාමුහිකත්වය නම් නෑ කියන එක ඉතා පැහිදිලියි.

කො⁣හොම උනත් මේ අලකලංචි අස්සේ ඩාබිඳු අවුරුදු 38 ක් අරගෙන යන්න තරම් මුලික අඩිතාලම දාපු සමන්මලි සහෝදරියගේ ධෛර්යට හිස නමා ආචාර කරනවා.