මේ ස්ථානයේ දමා ඇති මේ කුණු මීගමුව නගර සභාවෙන් රැගෙන යන්නේ නැති අතර මෙම ප්‍රශ්නයට ජනතාවගේ පැත්තෙන් විසදුමක් නොමැති බව ද ඔවුන් මතුකරති.
වැඩිදුරටත් ප්‍රදේශවාසීන් පවසා සිටින්නේ මේ අවට ප්‍රදේශයේ සත්ව ඝාතකාගාරද තිබෙන බවයි. එම නිසා ඒවායේ ඉතිරි වන මළ අපද්‍රව්‍ය ද මෙම ස්ථානයට ගෙනත් දමන අතර ඒවායින් ඇතිවන දුගද නිසා ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයින්ට විශාල සෞඛ්‍ය ප්‍රශ්නයක්ද ඇති බවත් මැසි මදුරු උවදුර තවදුරටත් වර්ධනය වෙමින් ආසන්නයේ ජීවත්වන පුද්ගලයන්ට මහත් පිඩාකාරී තත්ත්වයක් ඇති බවත් ඔවුන් මැසිවිලි නගති. මෙම ස්ථානයේ මීගමුව නගර සභාවෙන් සවි කර ඇති පුවරුවක සඳහන් කර ඇත්තේ කුණු දමන පුද්ගලයන්ට නීතියෙන් දඩුවම් කරන බවයි. එහි මිගමුව පොලීසියෙන් ද කර ඇති අවවාදයක් සදහන් කර ඇත.
නමුත් කුණු දමන පුද්ගලයන් වැටලීමට හෝ නීතියට හසුකර ගැනීමට වැඩපිළිවෙලක් මීගමුව මහජන සෞඛ්‍ය කාර්යාලයට හෝ පොලීසියට නොමැති බවත් ජනතාව චෝදනා කරන අතර ඔවුන් පවසන්නේ මෙම ස්ථානයට කුණු ගෙනත් දමන්නන් පිළිබදව සොයාබැලීමට කැමරාවක් හෝ සවිකරන ලෙසයි.