ඩීන් හංදියේ රිස්මිගේ “සමෝසා” කඩේ.

0
432

 

ඔහු මොහොමඩ් රිස්මි, ඔහු ඉන්නේ මිගමුව- මීරිගම පාරේ ඩීන් හන්දියේ, ජයරත්න පාරේ. ඔහු කරන්නේ කුඩාවට හෝටලයක් පවත්වගෙන යන එක.  මේ හෝටලේ තියෙන සමෝසා, කට්ලට්, රෝල්ස්, සහ උළුඳු වඩේ වගේ දේවල් හරිම රසයි. හැබැයි ඒවයේ මිල නම් හරිම අඩුයි. ඉතිං අපි ඔහු පිළිබඳව ටිකක් විස්තර හොයලා බැලුවා.
මේ පළවෙන්නේ ඔහු හා කරපු කතාබහ.

.

img 20240713 wa01006429708704673882347
img 20240713 1917531513629989969641988

ඔයා ගැන විස්තර ටිකක් කිව්වොත්.

              මම මොහොමඩ් රිස්මි . මම පදිංචි වෙලා ඉන්නේ  කටුවපිටියේ  රබර්වත්ත ප්‍රදේශයේ. මගේ තාත්තා ත්‍රිවිල් ඩ්‍රයිවර් කෙනෙක්.අම්මා රස්සාවක් කරන්නේ නෑ.අපේ පවුලේ පස් දෙනයි. වැඩිමල් අයියා. මම පවුලේ දෙවෙනියා. ලොකු අයියා මේ වෙද්දි මිය ගිහිල්ලා. මට බාල නංගිලා දෙන්නෙකුයි, මල්ලියි ඉන්නවා. මම ඉස්කෝලේ ගියේ  පෙරියමුල්ල අල්හිලාල්  ඉස්කෝලෙට.  මම ඉස්කෝලේ ගිහින් ඉවරවෙලා, ලයිට් බඩු තියෙන කඩයක වැඩට ගියා. ඉන් පස්සේ මම එතනින් අයින් වෙලා මගේ අයියා කරපු හෝටලයට වැඩට ගියා. මගේ මැරුණු අයියා පොඩි හෝටලයක් කෙරුවා. ඒ කියන්නේ උදේ කෑම ,දවල් කෑම රෑ කෑම ,වගේ දේවල්. එයා ඒ කඩේ අවුරුදු 15 ක් විතර කරගෙන ගියා. මමත් අර මම කරගෙන හිටපු ලයිට් කඩේ රස්සාව අතෑරලා එයත් එක්ක ඒ හෝටලේ එයාට උදව්වට ගියා. එතනදි තමයි මම ෂෝට්-ඊ්ට්ස් ,වඩේ,හදන්න වගේම රයිස් කොත්තු වගේ දේවල් හදන්ඩත් .පුරුදු වුනේ.

       එතකොට ඔයාගේ අයියා මියගියාට පස්සේද මේ හෝටලයබකරන්න පටන් ගත්තේ?

          මම මේ හෝටලය කරන්න කලින්, මේ හෝටලයට ටිකක් එහායින් තියෙනවා , ඩොක්ටර් සියාඩ්ගේ ප්‍රයිවෙට් හොස්පිටල් එක, එතන මම  හදාගත්තු කරත්තයක් වගේ  පොඩි හට් එකක් හදාගෙන, කට්ලට් පැටිස්, රෝල්ස්, වඩේ , සමෝසා වාගේ දේවල් විකුණන්න පටන් ගත්තා . ඒක අවුරුද්දක් විතර වාගේ කරගෙන යද්දී මට හිතුනා ප්‍රයිඩ් රයිස්,  කොත්තු රොටී, සහ නූඩ්ල්ස් වගේ දේවලුත් දාගන්න පුළුවන් වෙන විදිහට  පර්මනන්ට් තැනක් ඒ කියන්නේ පොඩි හෝටලයක් වගේ තිබුණා නම් හොඳයි කියලා. එහෙම හොයලා බලනකොට තමයි මට මේ තැන හම්බවුණේ. දැන් මාස 08 ක් විතර වාගේ ඇති මම මේක පටන් අරගෙන .

එතකොට දැන් මෙතන මොනවද ඔයා ගාව වැඩිපුර තියෙන්නේ ?

img 20240713 wa01048341438805819016463

             මම මේ හෝටලය අරින්නේ දවසේ දවල් 12.00 ට විතර වාගේ. ඒ වෙලාවේ ඉඳලම මෙතන සමෝසා, රෝල්ස් , කට්ලට් පැටිස් , උළුඳු  වඩේ වගේ දේවල් තියෙනවා. දැන් රෝල්ස් ගත්තහම ඒකෙ ෆිෂ් රෝල්ස් වගේම එග් රෝල්ස් තියෙනවා. ෆිෂ් සමෝසා විතරයි දැනට මගේ ගාව තියෙන්නේ .ඒත් එක්කම මෙතන දවල්ට ප්‍රයිඩ් රයිස් තියෙනවා. රෑ වෙද්දි තව මෙතන චිකන් කොත්තු රොටී වගේම චිකන් නුඩ්ල්ස් එහෙම තියෙනවා.

   දැන් ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි, ඔයාගේ මේ හෝටලේ තියෙන මේ කෑම ජාති හරිම රසයි වගේම ඒවා ගොඩක්ම මිලෙන් අඩුයි කියලා. ඒ ගැන මොනවද ඔයාට කියන්න තියෙන්නේ ?

        එකේ ඇත්තක් තියෙනවා. මොකද අපි මේ ඉන්න ඒරියා එකේ වැඩිපුරම ඉන්නේ ටිකක් දුප්පත් අය.ඉතින් එයාලට ගන්න පුළුවන් ගානට තමයි මට කෑම විකුණන්න වෙන්නේ. ලොකුවට ගණන් කිව්වොත්, එයාලාට ඒවා ගන්න විදියකුත් නෑ. මට ඒවා විකුණගන්න විදිහකුත් නැතිවෙනවා. ඒ හින්දා මම මේ කෑම වලට ගණන් දාලා තියෙන්නේ බොහොම සාධාරණව. අනිත් එක තමයි ඉතින් ගෝලයෙකුත් නැතුව මමමයි මේ කෑම හදන්නේ. එනිසා මට ගෝල පඩිය ඉතුරුයි. ඉතින් මේ කෑම ටිකක් අඩු කරල දුන්නට මට ලොකු පාඩුවක් වෙන්නෙ නෑ.
         අනික ඉතින් මේවා මමම තනියම හදන හින්දා මේ කෑම ටිකක් රසට මට හදන්න පුළුවන්. වෙන කාට හරි කියලා මේවා හැදෙව්වොත් ඒකේ රස හොඳද නරකද කියලා ඉතින් මට තීරණය කරන්න අමාරුයි. මම හදන හින්දා, මට ඕන විදිහට කටට රසට මම හදනවා.  ඒක නිසා වෙන්න ඇති මෙතන කෑම රසයි කියලා කියන්නේ.

img 20240713 wa00648881486056196044403

     ඔයාගේ මෙතන විකුණන කෑම වල මිල ගණන් එහෙම කොහොමද

සමෝසා එකක් රු.25/=, ෆිෂ් රෝල් එකක් රු.60/=, එග් රොල් එකක් රු.70/= , උළුඳු වඩේ එකක් රු.20/= , 
චිකන් ප්‍රයිඩ් රයිස් , චිකන් කොත්තු  ඒවගේම   චිකන් නුඩ්ල්ස් සින්ගල් එකක් රු.750/= ක් වෙනවා.  හැබැයි මේක සින්ගල් කිව්වට දෙන්නෙකුට කන්න සෑහෙනවා. චිකන් ෆ්‍රයිඩ් රයිස් , චිකන් කොත්තු, චිකන් නූඩ්ල්ස් ෆුල් එකකට යන්නේ රු. 1000/=යි.  ඒක තුන් දෙනෙකුට සෑහෙන්න කන්ඩ පුළුවන්.

ඔයාගේ පවුලේ විස්තර ටිකක් කිව්වොත්?

         මම විවාහකයි. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. මම කටුවපිටියේ  රබර්වත්තේ රෙන්ට් එකට තමයි තාම ඉන්නේ. වයිෆ් නම් ජොබ් එකක් කරන්නේ නෑ.

  ඉතින් මේ ව්‍යාපාරය සම්බන්ධයෙන් ඔයාගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද ?

      මම ඉතින් බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් මේ  හෝටලය  මෙයට වඩා ටිකක් ලොකු කරගන්න පුළුවන්ද කියලා බලනවා. දැනටත් මමයි මගේ වයිෆ් සහ මගේ දරුවෝ තුන්දෙනා ජීවත් වෙන්නේ මේ හෝටලයෙන් ලැබෙන ආදායමෙන්. ඉතින් ඉදිරියටත් මේ හෝටලේ හොඳින් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

   දැන්  උත්සව වලට ,ෂෝට් ඊටස් වගේ දේවල් ටිකක් වැඩිපුර දෙන්න ඕඩර් එහෙම ආවොත් ඒවා   ඔයා භාරගන්නවද ?

img 20240713 wa01025619343398217389272
img 20240713 wa01121886136145844611790

        ඔව් ,ඒ වගේ ඕඩර් ආවොත් මම භාර ගන්නවා.මම සිකුරාද හැර සතියේ හැම දවසකම දවල් 12.00 ඉඳලා රාත්‍රී 10.00 විතර වෙනකම්   මේ හෝටලේ විවෘත කරනවා. ඉතින් ඕඩර් එකක් දෙනවා නම් මාව ඇවිල්ලා හම්බවෙලා ඕඩර් එක දෙන්න  පුළුවන්. එහෙම නැත්නම් විස්තර දැනගන්න මට කෝල් කරන්නත් පුළුවන්.

 දුරකථන අංකය – 074-2627787 – මොහොමඩ් රිස්මි 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here