ඩීසල් මිළ ඉහල දැමිමෙන් බහුදින ධිවර කර්මාන්තයත් අර්බුදයක …

0
141

මේ දිනවල බහුදින ධිවර කර්මාන්තයත් දැඩි අර්බුදයකට ලක්වෙලා. ඩීසල් හොයාගන්න එකම එයාලට ලොකු අරගලයක් වුනා.
දින 5 ක් තිස්සේ ගොඩබිම කරක් ගහලා තමයි මේ බෝට්ටුවට ඩීසල් ගහගෙන තියෙන්නේ .
දැන් තවත් කථාවක් ,
ඒ් තමයි ඩීසල් මිළ ලංකා ඉතිහාසයේ ඉහලට දාපු එක . ජාත්‍යත්තර මුහුදේ රස්සාවට යන බහුදින යාත්‍රාවකට ඩීසල් ලිටර් 15000 ක් විතර යනවලු .

ඔටෝ ඩීසල් ලිටරයක මිල රුපියල් 55කින්ද සුපර් ඩිසල් මිල රුපියල් 95කින් ද  ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද එළිවෙන කොට මිළ වැඩි කරලා.

මේ හින්ද එක බහුදින යාත්‍රාවක් එක සැරයක් මුහුදු යන්න දැන් කලින්දාට වඩා රු ලක්ෂ 8 ක් දැන් වැඩිපුර වියදම් කරන්න වෙලා….
මේක අනිවාර්යෙන්ම බහුදින ධිවර කර්මාන්තයට මරු පහරක් කියල තමයි බහුදින ධිවර යාත්‍රා හිමියෝ කියන්නේ …

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here