ඩෙංගු අවධානම මීගමුවටත් තාම තිබෙනවා?

0
69


මීගමුව හා අවට ප‍්‍රදේශ වලින් ඩෙංගු රෝගය වාර්තාවීමේ තත්ත්වය තවමත් පවතින බව මීගමුව රෝහලෙන් ලබාගත් තොරතුරු අනුව තහවුරැ වෙයි ඔතෝම්බර් මාසයේදී මේ වන විට මීගමුව රෝහලට පැමිණ ඇති ඩෙංගු රෝගීන් ප‍්‍රමාණය 50 ක් වන අතර ඉන්  මීගමුවෙන් රෝගීන් 17 වාර්තා වී ඇත. රෝගීන් 18 දෙනෙකු මිනුවන්ගොඩ ප‍්‍රදේශයෙන් පැමිණ ඇති අතර සුළු සංඛ්‍යාවක් දංකොටුව,දිවුලපිටිය මිනුවන්ගොඩ වැනි ප‍්‍රදේශ වලින් වාර්තා වී ඇත. සැප්තැම්බර් මාසයේ දී ද මීගමුව රෝහලෙන් ප‍්‍රතිකාර සඳහා මීගමුවෙන් පැමිණ ඇති  රෝගීන් සංඛ්‍යාව 16 ක් බව මීගමුව රෝහලෙන් වාර්තා කරයි.  පසුගිය කාලයේ මීගමුව අධිකරණයේ නිලධාරීන් කීපදෙනෙක් ද ඩෙංගු වැළදී ප‍්‍රතිකාර ගත් බවද මාධ්‍ය වාර්තා කළේය. එයට ප‍්‍රධාන හේතුවක් විය හැක්කේ අධිකරණ භූමිය තුළ එක්රැස්වී ඇති නඩු භාන්ඩ වල අපද්‍රව්‍ය හා කසල රැුදීම බව ද වාර්තා විය. මහජනයා රැුස්වෙන පොදු ස්ථාන වල පරිසරය පිරිසිදුබව හා පිළිවෙල ගැන සතුටු විය නොහැකි තත්ත්වයක් ඇති බව එමගින් පෙනී කරුණකි.