ඩෙංගු ගැන අවධානයෙන් නොසිටීමේ අවධානම

0
126

වසංගත රෝග පාලනය කරගත නොහැකි රටක් බවට ලංකාව පත්වී ඇති බව ට දැන් විවාදයක් නොමැත.  ඩෙංගු උවදුර එක් උදාරණයකි. එමෙන්ම මාරාන්තිකය. නමුත් මේ පිළිබදව පවතින රජයේ වගකිවයුත්තන්ගෙන් ඇසුවහොත්  ඔවුන්ට ඇත්තේ ගහට ගිය මිනිහාට කියන්නට තිබූ පිළිතුරු වැනි පිළිතුරුය. මේ දිනවල රටේ වැඩිවන බඩු මිළ ඉහළ යාම වගේම ඩෙංගු පිළිබඳවද මාතෘකා යට ගොස් රටේ සැමගේ  අවධානය ජීනීවා පිළිබඳවය.  මීගමුව පසුගිය දෙසැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් මෙන්ම ඩෙංගු උණ බෝවන මදුරුවන් වැඩියෙන් තිබෙන ප‍්‍රදේශයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ විසින්ම හඳුන්වන ලදී. දෙසැම්බර් සහ ජනවාරි මාස වල දී ඩෙංගු රෝගීන්ගෙන් මීගමුව රෝහල පිරී තිබුණ අතර ඒ වෙනම වාට්ටුවක් වෙන්කිරීම පිළිබඳවද අවශ්‍යතාවය පැන නැගිණි. ඒ වෙලාවේදි මීගමුවේ දේශපාලන නායකයන් සහ සෞඛ්‍ය නිලධාරීන් හා පොලීසියත්, නගරයේ තවත් කණ්ඩායම් එක්වී යම් වැඩපිළිවෙලක් ආරම්භ කළේය. මෙහිදී ගෙවල් ගානේ ගොස් පරිසරය පිරිසිª කිරිම් සිදුවිය. මීගමුවේ බොහෝ ප‍්‍රදේශ වලට තෙල් ගැසීමට පිළිවෙලකට පැමිණ නැති බව එම ජනතාව චෝදනා කරන්නට විය. නමුත් ඒ අවස්තාව වන විටත් මීගමුව නගර සභාව සතුව ස්ථීර දුමායන යන්ත‍්‍රයක් තිබුණේ නැත. දුමායන යන්ත‍්‍රයක් නගර මීගමුව නගර සභාවට ලැබුණේ මාර්තු මාසයේදීයි. සියලූ ශ‍්‍රමදාන කටයුතු සිදුවුණද පෙබරවාරි මාසයේ අවසානය වන විට ඩෙංගු රෝගය නිසා පුද්ගලයන් 3 දෙනෙකු මරණයට පත්විය.
මීගමුව – පෙරියමුල්ල ලාසරස් පාරේ පදිංචි 59 හැවිරිදි ෆාතිමා ෆරීනා පෙබරවාරි 12 වනදා මිය ගියේය. ජයරත්නම් පාරේ පදිංචිව සිටි 36 හැවිරිදි එක්දරු මවක් පෙබරවාරි 28 වනදා මිය ගියේය.  මාර්තු මාසයේ මුල් සතියේ දී පළඟතුරේ-තක්කියා පාරේ පදංචි 39 හැවිරිදි මොහොචඞ් නිෆාර් නමැති  තිදරු පියෙකු මියගියේය.
මෙම මරණ වලින් කියවෙන්නේ ඩෙංගු අවධානම වෙනුවෙන් ජනවාරි මාසයේදී සිදුකළ සියලූ ශ‍්‍රමදාන, දැනුවත් කිරීම් , සෘජුවම මේ තත්ත්වය මර්ධනය සදහා බලපා නැති බවයි.  මේ  ගැන සලකා බලන විට පෙනීයන කරුණූ දෙකකි.
1 ඩෙංගු රෝගය මර්ධනය කිරීමේ අවශ්‍යතාවය තවමත් මීගමුවේ පැවතීම.
2 ඩෙංගු රෝගය වැළªන රෝගීන් මිය යාම වලක්වා ගැනීමේ අවශ්‍යතාවය.
3 මීගමුව සෑම අවුරුද්දකම ඩෙංගු රෝගීන් වැඩිවන අවදානම් කලාප විශේෂ නිරීක්ෂණයක් යටතට පත්කර දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් සකස් කිරීම
දෙසැම්බර් සිට මාර්තු මැද දක්වා කාලය තුළ ඩෙංගු රෝගය සාපේක්ෂ අඩුවවීමක් පෙන්නුවත් මාර්තු මුල් සතිය වන විටත් මරණයක් සිදුවීම නිසා මෙහි අවධානම කිසිසේත් පාලනය වී ඇතැයි සැලකිය නොහැක.
ඒ නිසා ඩෙංගු  රෝගය පැතිරීම නැවැත්වීම වෙනුවෙන් සිදුකළ යුතු සියලූ පූර්ව ක‍්‍රියාකාරකම් ඒ ආකාරයටම සිදුකළ යුතුව තිබේ.

අපි මදකට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යා ලේඛන වෙත හැරෙමු.
මීගමුව රෝහල් දත්ත අනුව ඩෙංගු සදහා ප‍්‍රතිකාර ගෙන ඇති ප‍්‍රමාණය ජනවාරි මාසයේ දී පුද්ගලයන් 184කි. පෙබරවාරි මාසයේදී 99කි. මාර්තු මාසයේ 20 වනදා වන විට 30 කි. (මීගමුව ඵධ්‍ය කලාපයට අයත් පුද්ගලයන්* මීගමුවේ ඵධ්‍ය කාර්යාලයෙන් ලබාගත් තොරතුරු අනුව මීගමුව රෝහලට පිටින් දිවයිනේ වෙනත් පෞද්ගලික රෝහල් වලින් ප‍්‍රතිකාර ගෙන ඇති මීගමුවේ පුද්ගලයන් සංඛ්‍යාව ජනවාරි 13කි. පෙරවාරි 05 දෙනෙකි. මාර්තු 20 දක්වා 04කි.
ඉහත සංඛ්‍යව දළ වශයෙන් ගතහැකි අතර වාර්තා කර නොමැති තවත් ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් සිටිය හැක. ජනවාරි මාසයේ දී වැඩි ඩෙංගු අවධානමක් තිබිය හැකි ප‍්‍රදේශ ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හදුනාගෙන තිබුණේ , වැල්ලවීදිය, පෙරියමුල්ල – දළුපත – ලාසරස් පාර -පිටිපන – යන ප‍්‍රදේශයි. මාර්තු මාසය වන විටත් එම අනතුර ඒ ප‍්‍රදේශ වලින් පහව ගොස් නැත. තවමත්, මැද පිටිපන, ලාසරස් පාර, යන ප‍්‍රදේශ වලින් ඩෙංගු රෝගීන් වාර්තා වේ. එමෙන්ම මාර්තු මාසය වනවිට ඩෙංගු රෝගයට ප‍්‍රතිකාර ගෙන ඇති බවට වාර්තා වන තවත්  ප‍්‍රදේශ නම් මීගමුවේ තලා¥ව ප‍්‍රදේශය හා පළඟතුරේ ප‍්‍රදේශයයි.

මීගමුව නගර සභාවේ   SPHI  සෞඛ්‍ය වෛද්‍ය අංශයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන්  මීගමුවේ ඩෙංගු තත්ත්වය  හා ඒ පිළිබඳව ජනතා නියෝජිතයන්ගේ මෙන්ම ජනතාවගේ ද අවධානය කෙබදුද යනන අප පිලිබඳව විමසුවෙමු.  ඔහුගේ අදහස වූයේ  පිටිපන මෙන්ම තවත් ප‍්‍රදේශ පිළිබඳව  සම්බන්ධයෙන් නගරාධිපතිවරයා නිරන්තරයෙන් දැනුවත් කරන බවත්, පෙරියමුල්ල පිළිබඳව ද ෆරීස් මන්ත‍්‍රීවරයා ද උඩයාර්තෝප්පුව වසමේ පිළිබද ජීවංග මිරැුන්ඩෝ මන්ත‍්‍රීවරයා හා වැල්ලවීදිය ප‍්‍රදේශය පිළිබඳව විපක්ෂයේ හෙන්රි රොසාරියෝ මන්ත‍්‍රීවරයා ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කරන බවයි. ප‍්‍රදේශයේ ජනතාව ඩෙංගු වැඩිවන කාල වලදි මේ පිළිබඳව වඩාත් උනන්දුවන අතර ටික කාලයකින් නැවත ඔවුන්ගේ අවධානය අඩුවී වටපිටාව පිළිබඳව සොයා බැලීම අඩුවන බව ඔහුගේ අදහසයි.

අසාදිත රෝග සම්බන්ධව පුරවැසියන් මෙන්ම වෛiවරුන් ගේ වගකීම –

නගර සභා අඥා පනතේ 132 (1) (2) වගන්ති වලට අනුව යම් කිසි අසාදිත රෝගයක් වැළඳී ඇති පුද්ගලයෙකුට ප‍්‍රතිකාරයක් කළහොත් එම  වෛද්‍යවරයා , එසේ ප‍්‍රතිකාර කළ රෝගියා පිළිබඳ තොරතුරු පැය 3ක් ඇතුළත, රෝගියාගේ නම, ජාතිය, ස්ත‍්‍රී පුරුෂභාවය සහ  වයස ද රෝගියා පදිංචි ස්ථානය ද රෝගයේ ස්වභාවය ද සඳහන් කරමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වෙත ලියවිල්ලකින් දැනුම් දීමක් කළ යුතුය. ඒ වගේම අසාධිත රෝගියෙකු ජීවත් වන තමාගේ නිවසේ හෝ ගොඩනැගිල්ලක පදිංචිකරු විසින්  ඉක්මණින් ම සෞඛ්‍ය වෛද්‍යවරයාට ඒ පිළිබඳව දැනුම් දිය යුතු අතර  රෝගියා පිළිබඳ සියලූ විස්තර ද
ඊට අදාළ විය යුතුය. එමෙන්ම අසාදන රෝග වැළදීමට අදාළව පොදු යහපත වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ විදි විධාන රැුසක් හා ඒවා ක‍්‍රියාත්මක නොකරන පුද්ගලයන්ට අදාළව නීතියෙන් දඩුවම් කළ යුතු ආකාරයද මෙම නගර සභා අඥා පනතේ අඩංගුය.

ඉහත ක‍්‍රියාපටිය පිළිබඳව ඵධ්‍ය කාර්යාලයෙන් විමසූ අතර ඔවුන් පවසන පරිදි ඩෙංගු රෝගයට ප‍්‍රතිකාර ගත්් හෝ ගන්නා නිවෙස් වලින් දැනුම් දීම නිසි ආකාරයකටම සිදු වන්නේ නැත. එමෙන්ම සියලූම පෞද්ගලික රෝහල් වලින්ද ඩෙංගු වලට ප‍්‍රතිකාර ගත්බවට වාර්තා නොවන බවත් ඔවුන් පවසයි.
ඩෙංගු රෝගය වැළඳී ඇති පෞද්ගලික රෝහල් වලින් ප‍්‍රතිකාර ගත් සමහර නිවැසියන් අප සමග කියා සිටියේ අපි බොහෝ වාරයක් දැනුම් දුන්නත් තවමත් අපේ ගෙවල් බලන්ඩ නොපැමිණි බවයි. ඉහත තත්ත්වය අනුව වැටහී යන්නේ මෙම ඩෙංගු රෝගයට අදාළව භීතිය පහව ගිය පසු අදාළ ආයතන අතර මනා අන්තර් සම්බන්ධතාවය ගිලිහී යාමක් පවතින බවයි.

ඩෙංගු සහ මීගමුව නගර සභාවේ සෞඛ්‍ය කමිටුව
ඩෙංගු රෝගියෙකු හොඳ වූ පසු එය තවත් පුද්ගලයෙකුට බෝ නොවීම සදහා වගකීමෙන් කටයුතු කිරීම  පුරවැසියන් සහ  නගර සභාව අතරත්  වෛiවරුන් අතිනුත් සිදුවිය යුතුය. මෙම ක‍්‍රියාවලිය නිසි පරිදි සිදුවනවාද යන්න නිරීකෂණය කිරීම මහ නගර සභාවේ සෞඛ්‍ය කමිටුවේ  මන්ත‍්‍රිවරුන්ට කළ හැකි  කාර්යයකි.  නමුත් ඔවුන්ගේ මැදිහත්වීම පිළිබඳව  ප‍්‍රමාණාත්මකව සෑහිමකට පත්විය නොහැක්කේ  මීගමුව රෝහල් වාර්තා අනුව 2012 ජනවාරි මාසයේ මීගමුව ඵදය කලාපයෙන් ඩෙංගු රෝගය සඳහා ප‍්‍රතිකාර ගෙන ඇති ප‍්‍රමාණය 418ක් ව ඇති නිසාය. එමෙන්ම ඒ කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 3ක් ද වාර්තා වේ.
ඒ අනුව බලන කල ඩෙංගු අවධානම මිනිය හැකි මිණුම් දඩුව විය යුත්තේ රෝගීන් සංඛ්‍යවෙන් විණා  ප‍්‍රදර්ශනය කර ඇති ඩිජිටල් බැනර් ප‍්‍රමාණයෙන් නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here