ඩෙංගු බෝකරන ලිං දෙකක් මැදිකර මරුවා සමඟ වාසේ….

0
299

 

IMG-20201121-WA0009IMG-20201121-WA0003(9.55 am ) දළුපත, බදුවත්ත නම් ක්‍රීඩා පිටිය ආසන්නයේ ගෙවල් 20 නමින් හඳුන්වන ප්‍රදේශය 1981 වසරේදී රජය විසින් ආරම්භ කළ නිවාස ව්‍යාපෘතියක ප්‍රතිඵලයකි. එකල මෙම නිවාස සඳහා අවශ්‍ය ජලය ලබාගැනීමට පොදු ලිං දෙකක්ද තනවා දී ඇත. නමුත් මේ වනවිට එම ලිං දෙක නිසා ගැටළු සහගත තත්වයක් නිර්මාණය වී ඇත. මේ ලිඳ ගැන මීට පෙර අපගේ වෙබ් අඩවියේද ලිපියක් පළ කර ඇත.

මෙම ලිං දෙ⁣කෙන් එකක් අබලන් තත්වයේ පැවතියද පවුල් දෙකක් පමණක් ස්නානය සඳහා එක ලිඳක් *භාවිතා කළද අද වනවිට මෙම ලිඳෙන්ද* කිසිවෙකු ප්‍රයෝජනයක් නොගනී. එම ලිඳට වැසි දිනවලදී ගොඩ වතුර ගලායන අතර එයද මදුරුවන් බෝවීමට අවශ්‍ය පරිදි ජරාවට පත්වී ඇත.
ඉහතකී ප්‍රධාන පොදු ලිඳ වසා දැමීමට සූදානම් වී බලධාරීන් පැමිණ උත්සාහ කළ නමුත් පිරිසක් එය වැළැක්වූ හෙයින් එය සිදුනොවූ බව ප්‍රදේශවාසීන් අප සමඟ පැවසීය.
මෙම ප්‍රධාන පොදු ලිඳ පිළිබඳව ප්‍රදේශයේ සමුෘර්ධි නිලධාරි වරයා වන බ්‍රිටෝ මහතා ප්‍රකාශ කළේ මෙවැනි අදහසකි.
” මේ ලිඳ වසා නොදැමිය යුතුබවට අදහස් කරන පිරිසක් සහ වසා දැමිය යුතු බවට අදහස් කරන පිරිසක් වශයෙන් කොට්ඨාශ දෙකක් සිටිනවා. මීට වසර 3කට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ඇවිත් ලිඳේ වතුර රැගෙන පරීක්ෂා කළා. ඒ අවස්ථාවේ බරව මදුරුවන් මෙහි සිටින බව ඔවුන් පෙන්වා දුනනා. එවිට මේ ලිඳ වසා දැමිය යුතු බවට දේශපාලන අධිකාරියත් සමඟ එකතුව තීරණයක් ගත් නමුත් එයද ක්‍රියාත්මක වුනේ නෑ.
පසුගිය ඩෙංගු ව්‍යාප්තවී ගිය කාලයේදී දළුපත අවධානම් තත්වයේ තිබුනු අතර මෙම නිවාස 20 සිටි සෑම පවුකටම ඩෙංගු රෝගය වැළඳුනු බව ප්‍රදේශවාසීන් අප සමඟ පැවසීය. මෙම ප්‍රධාන ලිඳ තිබිය යුතුය කියමින් මෑතකදී එහි ප්‍රතිසංස්කරණ කටයුත්තක්ද සිදුකර ඇති නමුත් මේ වනවිට ලිඳේ ජලය කළු පැහැගැන්වී ඇත. එබැවින් මෙම ලිං දෙක වසා දමනවාද? නැතිනම් යළි ප්‍රතිසංස්කරණය කර භාවිතයට ගන්නවාද? වහාම තීරණයක් ගත යුතුය. කෙසේ නමුත් අදාල බලධාරීන් සමඟ ප්‍රදේශවාසීන්ද මැදිහත්වී මේ ගැටළුව විසඳීමට කටයුතු නොකළහොත් , මෙම ලිංදෙක මුළු දළුපතටම මදුරුවන් බෝ කරන මධ්‍යස්ථානය බවට පත් වනු ඇත.
සැම්සන් ඥානසිරි