ඩෙංගු මඩින්න දුම් ගහන්න මාස 3 ට ලක්ෂ 300 ක් ! කොමසාරිස් සල්ලි දෙයිද ?

0
336

dengu foggingමීගමුව නගරය තුල ඩෙංගු මර්ධනය කිරිම සදහා දුමායන කටයුතු සදහා ඉදිරි මාස 3 ක් සදහා රු ලක්ෂ 300 ක් පමණ වැය වන ගණන් බලා ඇතැයි වාර්ථා වේ .
පසුගිය කාලය තුල අප විසින්ද අවස්ථා ගණනාවකදිම මතුකකර සිටියේ කොමසාරිස් පාලනයේ ලෝභ කම නිසා මෙසේ දුමායන කටයුතු නිසි ලෙස සිදුනොවුන බවය.
නගාරික කොමසාරිස්වරයා හැම විටම කල්පනා කලේ මීගමුවේ රථගාල්වල පවා මුදල වැඩිකරමින් ආදයම් ගෙන වියදම් නොකර පොට්ටනි ගසා තබා තමන් අඩුවෙන් වියදම් කළ පාලකයා ලෙස ඉතිහාස ගත වන්නටය.
ඒ මෝඩ තින්දුවට වන්දි ගෙවන්නට වුයේ මීගමුවේ බදුගෙවන ජනයා හටය.
බදුගෙවන ජනයා වෙනුවෙන් කාසි ලාච්චුව ඇරියේ නැති කොමසාරිස්පාලනය  ඇමති නිමල් ලංසාගේ ඩෙංගු පාලනයය වැඩසටහන ගැන කියන්නේ කුමක්ද ?

Save

Save