ඩෙංගු මදුරුවාගෙන් ගොඩයන්න හදන රාජපක්ෂලාගේ පොහොට්ටු දේශපාලනය.!

0
137

[starlist][/starlist][starlist][/starlist]

Dalupthoa 105මිගමුව තුල ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන තුලින් රාජපක්ෂලාගේ පොහොට්ටුවේ දේශපාලනය සමාජගතකිරිමේ කුට සැලැස්මක් ක්‍රියාත්මක බව වාර්තාවේ.ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි මිගමුවට පෙහොට්ටුවෙන් ඉල්ලිමට බලා සිටින අපේක්ෂකයන් කිපදොනකුම මේ ඩෙංග මර්ධන වැඩසටහන තමන්ගේ නායකත්වයෙන් සිදුවන බවට ජනයා නොමග යැවිම සදහා කටයුතු කරගෙන යන බවද සැලය.මේ ඇතමුන් ත්‍රීවිල් වල ශබ්ද වාහිනි බැද ගම පුරා ප්‍රචාරයක යෙදුන අවස්ථාවන්ද වේ.බෝලවලාන මේ පිලිබදව ඉදිරිපත් කලහැකි ප්‍රබල උදාහරණයකි.එමෙන්ම කුරණ ප්‍රදේශයේ ඩෙංගු මර්ධන ප්‍රාදේශීය කමිටුවේ නියෝජිතයන්ද මිට සුලු මොහොතකට කලින් මිපුර අමතා කියා සිටියේ හි⁣ටපු නාගරික මන්ත්‍රී නීල් ඩන්ස්ටන් ත්‍රිරෝද රථයක බැදි ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයෙන් ගම වටා යමින් කියා සිටින්නේ ඔහු විසින් මේ සියල්ල සිදුකරන බවකි.

මේ ගැන කුරණ කමිටුවේ සමාජිකයන් බරපතල විරෝධය පලකරන බවද කියා සිටියේය.