ඩෙංගු මදුරුවෙක් සහ පෙම්වතියක්

0
84

 

ඔහු කටුනායක සිදුව ප්‍ර දේශයේ පාසැල් දරුවන් අතර ඉතාමත් ජනප්‍රිය දක්ෂ විද්‍යා ගුරුවරයෙකි. කලක් තිස්සේ පැවැති ප්‍රේම සම්බන්ධය සාදාකලික ජිවන සහකරුවන් ලෙසින් අභිෂේක කරවන්නට දින තින්දු කරගෙන තිබුනේ 2012 ඔක්තෝබර් 05 වෙනිදාටය.

සියල්ල ඒ වෙනුවෙන් ලකලෑස්ති වුණි. සැවොම සතුටින් දින ගනිමින් සිටියෝය. එහෙත් හදිස්සියේම ඔහු රෝගාතුර විය.උණ රෝගයේ අඩුවක් නොවුයෙන් මීගමුව මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනිම ඇරඹුණි.

ඔහුගේ platelets සීඝ්‍රෙයන් පහත වැටෙන්නට පටන් ගත් අතර තත්වය අවදානම් වෙමින් තිබිණි.  ඔහු ගෙවන්නේ ජිවිතයත් මරණයත් අතර සටනක් බවට සියල්ල පත්වෙමින් තිබියදි දැඩි සත්කාර ඒකකයට ඔහු මාරු කර යැවෙයි.

පවුලේ අය සහ  ඥාතින් පමණක් නොව ඔහුට කවදත් සෙනෙහෙවන්ත වු සිසු දරුදැරියන් ද ඔහුගේ සුව දුක් විමසන්නටත් ,තමන් දන්නා සියළු සම්බන්ධ කම් හරහා තම ගුරුවරයාගේ ඇත්ත තතු දැනගන්නටත් නිතර වෙහෙස ගත්හ.

තත්වය තවත් දරුණු වුයේ ඔහුගේ platelets අගය 13000 දක්වා පහත වැටිමත් සමගින්ය.

විවාහ මංගල්‍යය පිළිබද තිබු සියළු සිහින වියැකෙන්නට පටන් ගත්තේ ඊටත් වඩා දරාගත  නොහැකි අවධානමක් ඉතිරි කර තබමිනි.

සියල්ල අවසන ඔහු ජයගත්තේය.

ප්‍රේමය අභිෂේක ලබන දිනය තවත් මාස 3කින් කල් දමන්නට සිදුව තිබේ.

කටුනායක සිදුව ප්‍රදේශයේ ඩෙංගු සීඝ්‍රෙයන් පැතිර යමින් තිබෙන බව අප පසුගිය දිනක වාර්ථා කළෙමු.මේ සම්බන්ධයෙන් මීපුර වෙබ් අඩවියට  අදහස් දක්වා සිටි සිදුව නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිළධාරිනියක් පවසා සිටියේ විශේෂයෙන්ම ඩෙංගු පැතිර යමින් ඇති ප්‍රදේශ නිසි ලෙසින් පිරිසිදු කිරිමට මහත් බාධාවක්ව ඇත්තේ ඇතැම් ප්‍ර දේශවලින් ලැබෙන අඩු මහජන සහයෝගය බවයි. විශේෂයෙන්ම ඇවරිවත්ත ප්‍රදේශවල පවතින නේවාසිකාගාරවල ඇති තදබදය සහ කුණු කසල ඉවත් කිරිමේ අවිධිමත් බව මෙහි සදහන් කළයුතුම බව ඇය අවධාරණය කර සිටියාය.