ඩෙංගු මැඩලීමට පෙර පාසල්, හා ටියුෂන් වසා දැමේ

0
173

phi-a
ඩෙංගු උණ  ව්‍යාප්තවීම  වැලැක්වීම වෙනුවෙන් කාන්තාන්කුඩි ප්‍රදේශයට අයත් පෙර පාසල් සහ පුද්ගලික පන්ති වසා දැමීමට මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (30) පියවර ගෙන තිබේ.
මේ අනුව පෙර පාසල් 40ක්,   මුස්ලිම් පාසල් 35ක් හා ටියුෂන් පන්ති 15 වසා දමා ඇති අතර මේවා නැවත ආරම්භ වන්නේ අප්‍රේල් 15 වනදා වේ. මේ වනවිට ඩෙන්ගු වැළදී ඇති පුද්ගල සංඛ්‍යාව  190ක් වාර්තා වි ඇති අතර මඩකලපුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඩෙංගු මර්ධන වැඩසටහන් ගෙයින් ගෙට ක්‍රියාත්මක කර තිබේ.