ඩෙංගු මැඩීමට පාසල් නිවාඩු කාලයේදීත් පාසල් පිරිසිදු කිරීමේ වැඩපිලිවෙලක් අධ්‍යාපන අමාත්‍යංශයෙන්..

0
589

දිවයින පුරා ක්‍රියාත්මක වන තුන්දින පුළුල් ඩෙංගු මර්ධන වැඩසටහනේ අංගයක් වශයෙන් දිවයින පුරා රජයේ පාසල් ,අර්ධ රාජ්‍ය පාසල් ඇතුළු පාසල් 10,300ක අද දිනයේදී අධ්‍යාපන කටයුතු සිදුනොවන  බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

පාසල්වල ඩෙංගු මර්ධනය කිරීම සදහා මේ වන විට මූලික ක්‍රියාමාර්ගයන් දෙකක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසන අතර එහි පළමු ක්‍රියාමාර්ග ලෙස අද දිනයේදී පාසල් අධ්‍යපන කටයුතු සදහා වසා දමා පාසල් පවිත්‍රකිරීමේ කටයුතු සිදුවන අතර දෙවන ක්‍රියාමාර්ගය ලෙස පාසල් නිවාඩුකාලයේදී සෑම ඉරිදා දිනයකදීමත් පාසල් පවිත්‍ර කිරීමේ කටයුතු සිදුවනු ඇති.

එලෙසම පාසල් නිවාඩුවෙන් පසු නැවතත් පාසල් ආරම්භ කරන දිනට දින දෙකකට පෙර පාසල් නැවතත් පිරිසිදු කරන ලෙසටත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සියළුම පාසල් වල විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා. පාසල් වලසිදුවන පිරිසිදු කිරීමේ කටයුතු සදහා පාසල් සිසුන්ට අවශ්‍ය සහය දක්වන ලෙස එම පාසල් වල ගුරුවරු,දෙමාපියන් හා ආදිශිෂ්‍යන්ගෙන්  අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා.

විශේෂයෙන් ජාත්‍යන්තර පාසල් වල පරිපාලනයට රජයට බලපෑම් සිදුකල නොහැකි නිසා ජාත්‍යන්තර පාසල් වලත් මේ ආකාරයෙන් පිරිසිදු කිරීමේ කටයුතු සිදුවන්නේ නම් අධ්‍යාපන ඇමති වශයෙන් තමන් සතුටට පත්වන බවත් එතුමා පවසා තිබෙනවා.

image_1501201444-39bb5f94a6