ඩෙංගු රෝගය මැඩලීමට සාර්ථක ඖෂධයක් ජයවර්ධනපුර සරසවියෙන්..

0
117

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ක්‍රියාත්මක ඩෙංගු පර්යේෂණ ඒකකය විසින් ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කලහැකි ඖෂධයක් ඉතාමත් සාර්ථකව අත්හදාබලා තිබෙනවා. මේ වනතෙක්  අංගොඩ IDH රෝහලේදී සිදුකල සායනික පරීක්ෂණවලදී ඉතා හොද ප්‍රථිඵල මේ ඖෂධයෙන් ලැබී ඇති අතර ඉදිරි සායනික් පරීක්ෂණවලදිත් ඒ ආකාරයෙන් හොද ප්‍රථිඵල අත්වුවහොත් මේ වන විට මාරාන්තික රෝගයක් වී ඇති ඩෙංගු රෝගය පැතිරීම පාලනය කිරීමට හැකි වනු ඇතැයි  එම ඒකකයේ පරීක්ෂණ කණ්ඩායම පවසනවා.

මේ වසර තුල මේ වන විට ඩෙංගු රෝගීන් 91000කට ආසන්න පිරිසක් වාර්ථා වී ඇති අතර ඒ නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 300කට අධිකයි. පසුගිය වසර දෙකට සාපේක්ෂව සැලකීමේදී ඩෙංගු රෝගය මේ වසරේදී ජාතික අර්බුදයක් ලෙස වර්ධනය වී තිබෙන බව අප හැමදෙනාම ඉතාමත් හොදින් දන්නා කරුණක්.

ඩෙංගු රෝගයේදී රුධිර වාහිනී වලින් පිටතට තරල කාන්දුවීමක් සිදුවන අතර ඒ තත්වය ඩෙංගු රක්තපාත තත්වයක් වශයෙන් අප සාමන්‍යයෙන් හදුන්වනු ලබනවා. එම තත්වයට රෝගීයා පත්වීමෙන් පසු හරි ආකාරයේ ප්‍රතිකාරයන් හා ශරීරයේ තරල පාලනයක් සිදුනොවුනහොත් රෝගීයා ඩෙංගු කම්පන තත්වයට පත්වී මියයාමට ඉඩ තිබෙනවා.
එම තරල කාන්දුව සිදුවන්නේ රුධිර වාහිනීවල ඇතුලත බිත්ති ආස්තරනය කර ඇති සෛල අතර ඇති සම්බන්දතාවය බිදීමයාම නිසායි.ඒ හේතුවෙන් මේ පර්යේෂණ කණ්ඩායම විසින් මෙම සෛල අතර සම්බන්දතාවය පවත්වාගෙන යාමට වැදගත් සාධකයක් හදුනාගැනීමට මුලින්ම කටයුතු කර තිබෙනවා. එම සාධකය platelet activating factor ලෙස නම් කර,එම සාධකයේ ගුණාත්මකතාවය වර්ධණය කලහැකි ඖෂධයක් පිලිබදව ඉදිරිපරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එහිදී මේ වන විට විවිධ ආසාත්මිකතාවයන්ට ප්‍රතිකාර කිරීම සදහා ලොව පුරා බහුලව භාවිතයට ගැනෙන Rupatadine නම් ඖෂධය ඒ සදහා සුදුසු බව අනාවරණය කර ගැනීමට මේ කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරය ඇතිව  Rupatadine ඖෂධය රෝගීන්ට පළමුව IDH රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට ලබාදී සායනික පරීක්ෂණ සිදුකර ඇති අතර එහිදී මේ ඖෂධය ලබාදුන් රෝගීන්ගේ  තරල කන්දුවීම අඩුවී ඇති අතර රෝගය සුවවීමේ වේගයවැඩි වීමත්,රුධිර පට්ටිකා ප්‍රමාණය ඉහල යාම හා රෝගය නිසා අක්මාවට සිදුවන හානිය අවමවීමත් සිදුවී තිබෙනවා. එම නිසා මේ ඖෂධය භාවිතා කොට ඉදිරියේදී තවත් රෝහල් වලත් සායනික පරීක්ෂණ සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි මේ පරීක්ෂණ කණ්ඩායම පවසන්නේ.

එම පරීක්ෂණවලින්ද මේ ඖෂධය සාර්ථක බව ඔප්පුවුවහොත් ඉදිරියේදී ඩෙංගු රොගය පාලනය කිරීමෙහිලා මේ සොයාගැනීම ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති.

z_p14-Finally-3_0

 

ඡායාරූපය – http://www.sundayobserver.lk