ඩෙංගු රෝගීන්ගෙන් මීගමුවේ පුද්ගලික රෝහල් පිරීයයි ?

0
455

nawalokaමීගමුවේ ප්‍රදේ්ශ ගණනාවකම ඩෙංගු රෝගය අති භායනක අන්දමින් පැතිර යමින් තිබේ.මීට පෙර කිසි කලක ඩෙංගු පැතිරිම පිළිබදව බරපතල තත්වයක් වාර්තා නොවු වැල්ලවීදිය ප්‍රදේශයේද මේ වන විට ඩෙංගු රෝගීන්ගෙන් ගණන වැඩිවෙමින් ඇති අතර සති දෙකක් ඇතුලත දෙවන මරණයද දැනටමත් වාර්ථා වි තිබේ.මේ ආකාරයෙන් මිගමුව තුල භායකක ලෙසින් පැතිර යන ඩෙංගු තත්වය පාලනය කිරිමට මීගමුව මහනගර සභාව සම්පුර්ණයෙන්ම අසාර්ථක වි ඇති බැව් පෙනේ.මේ පසුබිම තුල මීගමුව මහරෝහලට දැනටමත් දරාගන්නට බැරිතරම් රෝගීන් පිරිසක් සිටින අතරේ මීගමුවේ සියළුම පුද්ගලික රෝහල්ද ඩෙංගු රෝගීන්ගෙන් පිරියමින් පවති.එමෙන්ම ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරිමට ප්‍රකට යැයි කියැවෙන ඇතැම් වෛද්‍යවරුන්ගේ දෛනික ආදායම ලක්ෂ ගණනින් ඉහල යමින් තිබේ.මේ ඇතැම් වෛද්‍යවරුන් පුද්ගලික රෝහලකදි එක රෝගියෙකු පිලිබදව පරික්ෂාව සදහා අයකරන මුදල රු 5000 ක් තරම් ඉහල අගයක පවතින බවද සැලය.කෙසේ වෙතත් මේ සියලුම පුද්ගලික රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ආසාධ්‍ය තත්වයට පත්වන සියලුම රෝගීන්ද අවසාන වශයෙන් පැමිණෙන්නේ මිගමුව මහ රෝහල වෙතය.තත්වය මේ නිසා තවත් බරපතලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here