ඩෙංගු රෝගීන්ගෙන් මීගමුව රෝහලේ වාට්ටු පිරී යයි !

0
252

dengu-wrd-1මීගමුවේ  ප්‍රදේශ  කිහිපයක  මාරාන්තික  ඩෙංගු  රෝගය  පැතිර  යෑමත්  ,  මරණ  දෙකක්  සිදුවීමත්   නිසා  ඉතා  භයානක   තත්වයක්   නගරය  තුළ  නිර්මාණය  වී  ඇත.
පසුගිය  දිනවල  වැඩි ප්‍රමාණයක්  වාර්තාවී  තිබුනේ  අක්කර  50  ප්‍රදේශයෙනි. මරණ  දෙකක් වාර්තා වූයේද   මෙම  ප්‍රදේශයෙනි.
මීගමුව  රෝහලේ  වාට්ටුවල  සහ  දැඩිසත්කාර  ඒකකයේ   මේ  වනවිට  ඩෙංගු රෝගීන්  සංඛ්‍යාව  ඉහලගොස්  ඇත.  වාට්ටුවල  සිටින  රෝගීන්  අතර  අසාධ්‍ය  අය  සිටින  නමුත්   ඔවුන්  ඩෙංගු  ඒකකයට  හෝ  දැඩිසත්කාර  ඒකකයට  ඇතුලත්  කළ  නොහැක්කේ  ඒවායේද  රෝගීන්  පිරී  සිටින  බැවිනි.  මේ  අනුව  ඩෙංගු  ඒකකයේ   සෑම  ඇඳකම (  ඇඳන්  22යි) රෝගීන්ය.   හදිසි  ඒකකයේ  නැවතිය  හැක්කේ  6කි.  එයද  පිරී  ඇත.

එසේම  අදවනවිට   19  වාට්ටුවේ        –    රෝගීන්  19

20    වාට්ටුවේ                                    –       “          15

03         “                                            –       “         20

04  වාට්ටුවේ                                        –       “         28  ආදී  වශයෙන්    මුළු  සංඛ්‍යාව  110ක්  පමණ  වේ. නමුත්  මෙම  සංඛ්‍යාවන්ද  වරින් වර  වෙනස්වන  බව  කාර්්‍යමණ්ඩලයේ    අයෙකු  අප  සමඟ   පැවසීය.  මේ  අනුව  මෙම   භයානක  තත්වය  පාලනය  කරමින්   ඩෙංගු  රෝගය  වළක්වා  ගැනීම  උදෙසා  කරන  ප්‍රතිකාර  සේම  , ඩෙංගු  මදුරුවාගේ  වර්ධනය  නතරකිරීම  සඳහා   කටයුතු  යෙදීමද   නගරවාසීන්ගේ  මෙන්ම  වගකිවයුත්තන්ගේ  වගකීමක්  බව   අප  අවධාරණය  කරන්නෙමු