ඩෙංගු වසංගතය කටානත් බිලිගනියි ! දැනටමත් මරණ 2කක් ! ඇමතිවරියත් වැඩට බසි !

0
80

කටාන ඩෙංගු 6මීගමුව රෝහලේ සිදුව ඇති ඩෙංගු මරණ 4 න් 2කක්ම වාර්ථා වන්නේ කටාන ආසනයෙනි.ඉන් කියැවෙන්නේ එහි තත්වයද බරපතල බවය.
මෙය හොදින් තේරුම් ගෙන රාජ්‍ය ඇමතිනි විශේෂඥ සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද දැන් ඩෙංගු මදුරුවන් බෝවන තැන විනාශ කිරිම කිරිම සදහා ශ්‍රමදාන කටයුතුවලට නියැලෙන බව කියැවෙන් පුවතක් ඇගේ මාධ්‍යලේකම්වරයා විසින් මීපුර වෙබ් අඩවිය වෙතද යොමුකර තිබේ.
ක්‍රියාවෙන්ම ඇය වැඩකටයුතු ආරම්භ කොට තිබිම වැදගත්ය.
පහත පළවන්නේ ඇමති මාධ්‍ය අංශය විසින් අප වෙත එවන්නට යෙදුන සටහනයි.කටාන ඩෙංගු 2

කටානේ ඩෙංගු මැඩලීමට විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙරමුණ ගනියි.

රට පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය මර්දනය කිරිම සදහා කටාන ආසනයේ ග්‍රාමනිලධාරී වසම් කේන්ද්‍ර කරගනිමින් ශ්‍රමදාන ව්‍යාපාරයක් පැවැත්වීමට නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කටයුතු ආරම්භ කරන ලදී.

එහි ප්‍රථම පියවර ලෙස පවුල් 2000 කින් පමණ සමන්විත සමුර්ධිගම ගම්මානයේදී රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටාන ප්‍රාදේශීය සභාව, කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර නිලධාරින්ගේ සහයෝගය ඇතිව 2017.05.20 දින පැවැත්විණි.

මෙහිදී ඩෙංගු රෝගය පාලනය සඳහා ගතයුතු පියවර පිළිබදව විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අවශ්‍ය උපදෙස් ලබාදුන් අතර ඩෙංගු රෝගය වැළදුනු රෝගින්ගේ වත්මන් සෞඛ්‍ය තත්වය විමසීමටද ඇය කටයුතු කළාය.

අදින් ආරම්භ වුණු මෙම වැඩසටහනේදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළේ ඉදිරියේදී සෑම නිවසකටම කසල වර්ගීකරණය කර ලබාදීමට කටයුතු කරන ලෙසත් ඒ සදහා අවශ්‍ය බහලුම් ලබාදී මෙම ගම්මානය ආදර්ශ ගම්මානයක් ලෙස කටයුතු කිරීමට ප්‍රදේශවාසින්ගේ සහයෝගය ලබාදෙන ලෙසයි.

එමෙන්ම මහජන සෞඛ්‍ය පරික්ෂක ඇතුළු අනෙකුත් නිලධාරීන්ට උපදෙස් ලබාදෙමින් ප්‍රකාශ කළේ මේ පිළිබදව නිරන්තර පසුවිපරමක් සිදුකරන ලෙසයි.

ඒ අනුව කටාන ආසනයේ ඩෙංගු රෝගීන් වාර්තා වන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේදී ශ්‍රමදාන කටයුතු සහ දැනුවත් කිරිම් සදහා තමාද පෞද්ගලිකවම සහභාගී වන බවද රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.