තමන්ගේ දරුවන් පස්දෙනා අතරින් දුවලා දෙදෙනෙකු සිටි බවත් ඉන් මියගිය ගිය දුව ගැන දැඩි වේදනාවකට පත්ව සිටින බවත් ප්‍රකාශ කරන ලදී . එනිසා ඔහුට දුව ගැන කිසිවක් ප්‍රකාශ කිරීමට ශක්තියක් නැති බවත් අප සමඟ පැවසීය .
ඇගේ විවාහයට අවුරුද්දකුත් මාස දෙකකි. ඇගේ සැමියා වන චෙරිප් පැවසුවේ නවලෝක රෝහලේ ඉඩ නැති නිසා අාවේමරියා රෝහලට ගෙනගොස් ප්‍රතිකාර කල අතර ඉන්පසු මීගමුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තබා ප්‍රතිකාර කළ නමුත් ජීවිතය බේරා ගැනීමට නොහැකිවූ බවයි .
ඊයේ ඇගේ අවසන් කටයුතු සිදුකරන ලදී. මාස 4 ක කිරි දරුවෙකු ඩෙංගු රෝගය නිසා මියගියේ පසුගිය සතියේදීය.
මීගමුව දශකයකටත් වැඩි කාලයක් පාලනය කරනු ලැබුවේ වැල්ලවිදිය මුල් කොට ගත් පවුලක් විසිනි.
රාජ්‍ය ඇමති වරයෙකු වන නිමල් ලංසා දැන් පදිංචිව සිටින්නේ දළුපතය. ඔහුගේ පවුලේ සමාජිකයන් පදිංචිව සිටින්නේ ඔස්ට්‍රේලියාවේය.
එමෙන්ම මිගමුවේ ප්‍රධාන පුරවැසියා වන දයාන් ලංසගේ වත්මන් පදිංචිය කටුවාපිටියයි.
මේ දෙදෙනාගේම නිවාස වලට සහ ඒ අවටට සතියකට දින කිපයක් ධුමානය කටයුතු කර ගන්නා බව ඇසින් දුටු සාක්ෂිත් සමගින් ප්‍රදේශවාසිහු පවසා සිටිති.
රාජ්‍ය ඇමතිවරයොග් දරු පවුලද සුරක්ෂිතය.
මන්ද ඕස්ට්‍රේලියාවේ ඩෙංගු වසංගතය පැතිර නැති නිසාවෙනි.
එහෙත් ඛේදවාචකය වන්නේ ඩෙංගු හේතුවෙන් වැල්ලවිදිය ගමේ මරණ 2 කක් එමෙන්ම රාජ්‍ය ඇමතිවරයා පදංචිව සිටින දළුපතද මරණ 2 කක්ද මේ වන විට සිදුව තිබිමයි.
අද වැල්ලවීදිය ඩෙංගු රෝගය අතින් අනෙකුත් ප්‍රදේශ පරදා ඉදිරියට පැමිණ ඇත . මෙම දේශපාලකයින් බලයට ගෙන ඒමේදීද සුරලොවක් මැවූ මෙම ජනතාවට අද මැවී ඇත්තේ අපායකි.