ඩෙංගු වාට්ටු දෙකක් දින 10ක් ඇතුළත ඉදිකිරීමට යුධ හමුදාව ඉදිරිපත් වේ.

0
43

ශ්‍රී ලංකා යුධ හමුදාවේ කමාන්ඩර් ලුතිනන් ක්‍රිසාන්ත ද සිල්වා මහතාගේ මගපෙන්වීම මත උතුරු කොළඹ ශික්ෂණ රෝහල(රාගම) හා දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල) යන රොහල් වල ඩෙංගු  රෝගීන් සදහා වෙන්වූ වාට්ටු නිර්මාණය කිරීමට යුධ හමුදාව කටයුතු ආරම්භ කර තිබෙනවා.

මේ වන විට ඇති වසංගත තත්වය නිසා ඉහත සදහන් රෝහල් වෙත පැමිණෙන රෝගීන් ප්‍රමාණය දිනෙන් දින වැඩිවීම නිසා එම රොගීන්ට අවශ්‍යකරන ප්‍රතිකාර ලබදීම සදහා වන වාට්ටු දෙකක් දින 10ක් ඇතුලත ඉදිකරීමට යුධ හමුදාව කටයුතු කරබන බවයි වාර්ථා වන්නේ. මේ සදහා යුධ හමුදා ඉංජිනේරු බලකයේද සහය ලැබෙනු ඇති.

මෙම වැඩසටහන මගින් එම රෝහල්වල පවතින තදබදය අවම කිරීමට අපේක්ෂා කෙරෙන අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සහ අනෙකුත් ආයතන සමග සමීප සම්බන්ධීකරණයෙන්  මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.දි

43881f1abcb6f4f7ddd96adab605fe52_L

 

news.lk ඇසුරිණි