ඩෙංගු වැළදුන බිළිදෙකු මිගමු රෝහලේදි මියයයි !

0
47

NGB hospitla(6.00 am ) ඩෙංගු යළිත් තැන තැන හිස එසවෙන තත්වයක් මතුවෙමින් තිබේ. මේ ගැන වාර්ථා වු සෝචනීය තත්වයක් පසුගිය 27 වනදා මිගමුව රෝහලෙන්ද වාර්ථා විය.
ඒ  මාස  4  ½  ක්  වයසැති  බිළි‍ෙඳෙකු   ඩෙංගු   රෝගය  නිසා  මියගිය  යාමත් සමගිනි.
සිය කුළුදුල් දරුවා අහිමිවිමේ ශෝකය දරාගත නොහැකිව ඒ දෙමව්පියන් වැලපුන අයරු එහි සිටි  සැමගේ ඇසට කඳුළක් එක්කොට තිබුණි.
ඒ යුවල සිදුව ප්‍රදේශයේ පදිංචි කරුවෝ වෙති.ඩෙංගු වලට  ප්‍රසිද්ධත්වයක් උසුලන මිගමුව රෝහලේ ඩෙංගු ඒකකය තුලදි මේ කිරිකැටි බිළිදා ජිවිතයෙන් සමුගෙන තිබුණි.
මීට  පෙරද  ඩෙංගු  නිසා  මීගමුව  රෝහලේ   දරුවන්   මියගොස්  ඇති  බව  තතු දන්නා  අය  පවසති.  මෙකී  බිළිඳා ගේ  මියාම   ඒ අතර  සිදුවූ  එක්  සිදුවීමකි.   මෙම  සිදුවීම  එක්  සිදුවීමක්  පමණක්  ලෙස  සිතා  අමතක  කිරීමද  නොකළ යුතුය.     පසුගිය  කාලය  තුළ  වෛද්‍යවරුන්ටත්,  පවුල්සෞඛ්‍ය  සේවිකාවන්ටත්  යනාදී  වශයෙන්   ඩෙංගු  රෝගය  විනාශ කිරීමට  මැදිහත්වන  නිලධාරි  මහත්වරුන්ටත්    රෝගය  වැලඳුනි..
එසේම   මෙම  රෝගීන්  සුවපත්  කරන  ස්ථානයවූ  මීගමු  රෝහල්  භූමියේම  මෙකී  මදුරුවා   ගැවසී  ඇතිබවට  තොරතුරු   ලැබී  තිබින.
නගරසභා  වැඩපිළිවෙලවල්  සැකසී  තිබුනේ   ප්‍රදර්ශනාත්මක   කරුණු  පදනම්කරගෙන  බැවින්  අවශ්‍ය  තත්වයන්  මත  අවශ්‍ය  පරිදි  මෙම  වසංගතය  තුරන්  කිරීම  උදෙසා  මැදිහත්  වීද  යන්න    විමසා  බැලිය යුතුව  ඇත.
මන්ද  නගරසභාවට  අයිති  කානු පද්ධතිය  , පොදු  වැසිකිළි  වලවල්  සහ  කැලිකසල  පිරුනු  ස්ථාන  හරහා  මෙම  ඩෙංගු  මදුරුවා  තම  ජීවිතය  ආරම්භ  කරන  ආකාරය  මහජන  සෞඛ්‍ය  පරීක්ෂක  මහත්වරුන් ගේ  ඇස් ඉදිරිපිටම  පෙනෙන්නට  තිබින.
සියළු  දෙනාගේ  සහභාගීත්වයෙන් ,  කැපකිරීමෙන්   ක්‍රියාත්මක  වන   සාමුහික  වැඩපිළිවෙලක්  මිස  මාධ්‍ය සංදර්ශන වලින් හෝ ප්‍රදර්ශනකාමය වැළදුන දේශපාලන තක්කඩියන් පම්පෝරි වලින් එහා ගිය මැදිහත්විමක් මේ සමාජය අද ඉල්ලා සිටි.