කලක පටන් මීගමුව රෝහලේ උණ වාට්ටු දිනපතා පිරි ඉතිරි යමින් තිබේ.මේ නිසාම එහි වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල වලටද ඉස්පාසුවක් නැත.
ඩෙංගු positive විම නිසා මීගමුව රෝහලට ගෙනවිත් දිනකිපයක් ගිය රෝගියෙකු පිළිබදව ඔහුගේ ඥාති සොහොයුරියක් මීගමුව රෝහලේ 4 වන වාට්ටුවේ සිටි වෛද්‍යවරයෙකුගෙන් අදාල ලෙඩාගේ රෝගි තත්වය ගැන විමසා සිටි අවස්ථාවකදි වෛද්‍යවරයා පවසා තිබුනේ ”ඔයාල ඩෙංගු positive වුණා කියල මේ ලෙඩ්ඩු රෝහලට අරන් දුවගෙන ඉන්න ඉස්සරවෙලා ගෙදර තියාගෙන බලන්න.”
ඒ වෛද්‍ය උපදෙස ගැන පුදුමයට පත්වු මේ තැන්තිය පසුව වෛද්‍යවරයාට පවසා තිබුනේ අදාල රෝගියාගේ ප්ලේට්ලට් කවුන්ට් එක බහින්නට පටන් ගෙන ඇති බවය.
කෙසේ වෙතත් මේ දෙබස විශේෂයෙන්ම සටහන් කරන්නට යෙදුනේ මේ වචන පේලි අතරේ අද මීගමුව රෝහලේ ඩෙංගු ප්‍රශ්ණයේ බරපතල කමේ තරම කියැවෙන නිසාවෙනි.
මේ සටහන තැබෙන දිනට සතියකට පමණ ඉහත දිනකදි මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරිතුමිය පවසා තිබුනේ උණු රෝගින් සිටින 4 වන වාට්ටුවේ ධාරිතාවය 30 දෙනෙකු වුවත් දැනට එහි සිටින රෝගින් ගණන 100 ඉක්මන බවය.පෙර කි වෛද්‍යවරයාගේ ප්‍රකාශය නැවත කියවිය යුත්තේ මේ යථාර්ථයද පසුබිමේ තබාගෙනය,
රු ලක්ෂ 500 ක් වැය කොට මීගමුවේ ඉදිකරන ලද ඩෙංගු විශේෂ වාට්ටුව සදහා ඇතුලත් කල හැකි රෝගින් ගණන 17 කි.
මේ වෙනුවෙන් ලද ප්‍රසිද්ධියත් ඩෙංගු රෝගය වෙනුවෙන් විදේශ රටකදි විශේෂ පුහුණුවක් ලද විශේෂඥ වෛද්‍යවරයෙකු සිටිමත් නිසා මීගමුවෙන් පමණක් නොව පිටපළාත්වලින්ද විශාල රෝගින් සංඛ්‍යාවක් මීගමුව රෝහල කරා දිනපතා ඇතුලත් වෙමින් සිටිති.
එසේ ඇතුලත් වන්නේ ඒ වෙනුවෙන් අදාල වාට්ටුවල තත්වය කිසිදු වෙනසක් නොවි තිබිදිමය.
ඩෙංගු වාට්ටුව ඇත්තේ ආසාධ්‍ය වු උණ රෝගින් සදහා පමණි,එහෙත් මීගමුව රෝහල වෙත කල්ගත වු උණත් සමඟින් රෝගින් පැමිණෙන්නේ තමන්ද ආසාධ්‍ය තත්වයකට පත්වේදෝයි යන සාධාරණ බිය එසේ නැතිනම් මරබිය පෙරටුකොට ගෙනමය.එය රෝගියාගේ පැත්තෙන් අති සාධාරණය
එසේ නම් ගැටළුව වන්නේ මීගමුව රෝහලට වෙන්වු රු ලක්ෂ 500 වඩාත් ප්‍රශස්ත ලෙසින් යොදවා ගැනිමට නිසි සැලැස්මක් අදාල බලධාරින් හට තිබුනේ ද යන්නයි.
එනම් ඒ සියළු මුදල් රෝගින් 17 ක් පමණක් යෙදවිමට හැකි එක් වාට්ටුවක් ( අළුත් වාට්ටුවක් මේ වෙනුවෙන් තැනුනේ නැත පැරණි එකක් පිළිසකර කොට භාවිතයට ගත්තේය) පමණක් වෙනුවෙන් වැය කරනවාද නැතිනම් අදාල සමස්ථ අවශ්‍යතාවය ගැන පුළුල් විමර්ශනයක් කොට පුර්ව ඩෙංගු පාලන වාට්ටු වෙනුවෙන් තවත් පහසුකම් වැඩි දියුණු කිරිමටද යොදාගන්නට තිබුනේද යන ගැටළුවයි.
මෙහිදි අමතක නොකළ යුතු තවත් වැදගත් කරුණුක් වන්නේ මේ ඩෙංගු වාට්ටුවේ ඉදිකිරිම් කටයුතු ගැන මුල්ව කටයුතු කළේ පළාත් සභා ඇමති නිමල් ලංසා විමයි.එනම් ඔහුගේ කොන්ත්‍රාත්කරුවන් විමයි.
එසේ නම් ලක්ෂ 500 න් කොමිස් එක කියක් වුනේද යන්න පමණක් නොව අදාල ඇමතිගේ කොන්ත්‍රාත්කරුවන්ගේ සුදුසුකම් ගැනද බරපතල ගැටළු මතුව ඇත්තේ මීගමුවේ රෝහලේම ක්‍රියාත්මක ඇතැම් ව්‍යාපෘතිවලචදි රෝහලේ බිල්ඩිම් පිටින්ම ගිලා බසින්නට තරම් භායනක තත්වයක් දැන් මතුව ඇති බැවිනි.ඩෙංගු වාට්ටුව කඩිනමින් විවෘත කිරිමට ජනපති තුමා පැමිණෙන්නේ යැයි කියැවුණු නිසා බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලංසා දින කිපයක් තුල මේ ලක්ෂ 500 අවසන් කර දමා තිබුණි,
දැන් ප්‍රමාද වැඩිය සියල්ල සිදුව හමාරය.ප්‍රථිපල පමණක් ඉතිරිව තිබේ.
අර වෛද්‍යවරයාගේ ප්‍රකාශය යළි කියවා බැලිය යුත්තේ මේ සියළු යථාර්ථයන් පසුබිමේ තබාගෙනය.