”ඩෙක්ස්ටර්ගෙන් පුරප්පාඩුවන මන්ත්‍රීධූරය මට හිමිවුවොත් මම පාලක පක්ෂය සමග වැඩකරන්නේ නෑ ”

0
115

DSC_1377(12.56pm) එක්සත්  ජාතික  නිදහස්  පෙරමුණෙන්  කෙහෙල්  ඇවරියෙන්  මීගමු  මහ  නගරසභාවට  තරඟකළ  ඩෙක්ස්ටර්  ප්‍රනාන්දු  ඉවත්වුවහොත්,  එම  ධූරය  හිමිවන්නේ  කාටදැයි  මතුවන  ප්‍රශ්ණය  ගැන  එම  පක්ෂයේ  මීගමු  ආසනයේ  සංවිධායක  කපිල නන්ද  සුලෝචන  මහතාගෙන්  විමසා  සිටියෙමු.

පුරප්පාඩුවන  මන්ත්‍රීධූරය පිරවෙන්නෙ  කොහොමද?

තවමත්  තීරණයක්  අරගෙන  නෑ.  අපි  වැඩකරන්නෙ  පක්ෂයේ  තීරණය  මතයි.  ඒ නිසා  මට  ඒගැන  කිසිවක්  කියන්න  බෑ.

යම්  හෙයකින්  නීතිමය  කටයුතු  අවසන් වී  ඒ  සඳහා  ඔබ  පත්වුවහොත්,  ඩෙක්ස්ටර්  වගේම  නගරසභාවේ  පාලක  පක්ෂයටද  වැඩ කරන්නෙ?

මම  ජනතාව  සමඟ  වැඩකරන  කෙනෙක්.  මම  පත්වෙන්නෙ  මේ  පක්ෂයෙන්,  ඒ  නිසා  මන්ත්‍රීධූරයට  මාව  පත්වුනොත්   කොහෙත්ම    පාලක පක්ෂය  සමඟ  වැඩ කරන්නෙ නෑ.  ඒක ස්ථිරයි.  එවිට  මට  ජනතාව  සමඟ  වැඩකරන්න  යම්  හයියක්  ලැබේවි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here