පුරප්පාඩුවන මන්ත්රීධූරය පිරවෙන්නෙ කොහොමද?
තවමත් තීරණයක් අරගෙන නෑ. අපි වැඩකරන්නෙ පක්ෂයේ තීරණය මතයි. ඒ නිසා මට ඒගැන කිසිවක් කියන්න බෑ.
යම් හෙයකින් නීතිමය කටයුතු අවසන් වී ඒ සඳහා ඔබ පත්වුවහොත්, ඩෙක්ස්ටර් වගේම නගරසභාවේ පාලක පක්ෂයටද වැඩ කරන්නෙ?
මම ජනතාව සමඟ වැඩකරන කෙනෙක්. මම පත්වෙන්නෙ මේ පක්ෂයෙන්, ඒ නිසා මන්ත්රීධූරයට මාව පත්වුනොත් කොහෙත්ම පාලක පක්ෂය සමඟ වැඩ කරන්නෙ නෑ. ඒක ස්ථිරයි. එවිට මට ජනතාව සමඟ වැඩකරන්න යම් හයියක් ලැබේවි.