ඩේවිඩ් කැමරන් හමුවීමට ගිය මව්වරුන්ට පොලීසියෙන් බාධා

0
63

ඊයේ යාපනයේ සංචාරයක නියලුන බිත්‍රාන්‍ය අගමැති ඩේවිඩ් කැමරුන් මහතා අවතැන්වූ පිරිස් හමුවීමට ගොස් තිබුණ අතර  උදයන් පුවත්පත් කාර්යාලට ද ගොස් එහි මාධ්‍යෙව්දීන් හමුවිය. එමෙන්ම යාපනය පුස්තකාලයේ දී තවත් දේශපාලන නායකයන් කිහිප දෙනෙකු සමගම  සාකච්ඡා කර ඇත.
මේ කාලය තුළ යාපනය නගරයට රැස්වූන   යුද්ධයෙදී අතුරුදහන්වූවන්ගේ   ඥතීන්,දෙමාපියන් සිය  පැමිණිලි ඉදිරිපත් කරන්නට ඔවුන්ගේ තොරතුරු සහ ඡායාරෑප රැගෙන පැය ගාණක් බලාසිටි අතර ඔවුන්ට බාධා කරමින්  පොලීසිය දිගින් දිගටම රැදී සිටියේය.  වයෝවෘද්ධ මව්වරුන් පවා පෙරළා දමන්නටත් තලුල්කර දමන්නටත් තරම් ඇතැම් පොලිස් නිළධාරින් අමානුෂික විය.එපමණක් නොව ජනතාව සමග සිටි ගරු කතෝලික පියවරුන් ට පවා පොලිසිය සැලකුවේ ද තිරිසන් අයුරිනි.
විඩියෝකරණය- meepura media unit