තක්සිම් වතුරශ්‍රය මේ වන විටත් කදුළු ගෑස් සහ බැටන් පොලු රැගත් පොලිස් රථවලින් පිරි යමින් තිබේ

0
100

gzp15

gzp14ගේසි පාක් එක බෙරා ගැනීම වෙනුවෙන් වන තුර්කි ජනතා අරගලය දැන් නව මුහුණුවරක් ගෙන තිබේ.
සති 3ක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක මේ අරගලය රාජ්‍ය බලය යොදා පසුගියදා මර්ධනය කිරිම සදහා ගෙන තිබුන සියළු ක්‍රියාමාර්ග පරාජය කරමින් නැවතත් ජනයා තක්සිම් චතුරශ්‍රයට පැමිණ ඇත.
කදුළු ගෑස් බැටන් ප්‍රහාර මධ්‍යයේ ගේසි පාක් එක තුල සිටි සාමකාමි විරෝධතා කරුවන් පළවා හරින්නට රජය සියළු වැර යොදා තිබුණි.  .
මේ නිසා විසිරුණු ජනයා යළිත් වටයකින් එක් කිරිමට එක් පුද්ගලයෙකු නවතම අරගල ක්‍රියාමාර්ගයක් හදුන්වා දි තිබුණි.
ගුන්ඩෝස් නම් මේ පුද්ගලයා තනිවම පැමිණ තක්ෂිම් චතුරශ්‍රෙය් මුලින්ම හිටගෙන මේ නව විරෝධතා වටය ආරම්භ කර තිබුණි.මුලදි පොලිසිය විසින් සැක කර තිබුනේ ඔහු කිසියම් අනතුරක් කරන්නට පැමිණි අයෙක් ලෙසය. පසුව තේරුම් ගන්නා විට ටුවිටර් හරහා අන් අයටද පණිඩිඩය යාමෙන් පසු තක්සිම් චතුරශ්‍රය සෙමෙන් සෙමනේ ජනයාගෙන් පිරෙන්නට පටන්ගෙන තිබුණි

තුර්කිය තුළ මේ පුද්ගලයාව හදුන්වනු ලබන්නේ ‘standing person, යන නමෙනි. ඊයේ වන දින 3ක් පිරුණු මේ තුර්කි අරගලයේ නව මානය වෙත දිනපතා ජනයා රොක් වෙමින් සිටිති.
මේ සියල්ලෝ කිසිදු හැලහොල්මනක් නැතිව සිරුවෙන් සිටගෙන නිහඩ විරෝධතාවක නිරතවෙමින් සිටිති.ඇතැමෙක් පොත් කියවති. තවත් ආගමික වතාවත් වල යෙදෙති.
කෙසේ වෙතත් ඊයේ වන විට දින 3 ක් සපිරුන මේ අරගලය තමන්ගේ ඉල්ලිම් ලැබෙන තුරා ගෙන යන බවට එයට රැස්වි සිටි ජනයා පවසති.
එමෙන්ම  ගේසි පාක් එක රැක ගැනිමේ අරගලයේදි මිය ගිය 3 දෙනෙකු වෙනුවෙන් ඉටිපහන් දල්වා ඔවුන් සැමරිමද තක්සිම් චතුරාශ්‍රය තලදි දැකගතහැකි විය.නිහඩ විරෝධයක නියැලෙන මේ ජනයා වෙත කිනම් මොහොතක මර්ධනය මුදාහරින්නේ දැයි කිසිවෙක් නොදනි.කදුළු ගැස් සමගින් සන්නද්ධව සිටින පොලිස් රථ චතුරශ්‍රය වටා ගාල් කර ඇත.
වයස් ගත වුවන් පමණක් නොව කුඩා දරුවන්ද මෙයට එක්ව සිටිති.
gzp10
gzp18
gzp202013-06-20 00.46.392013-06-20 00.47.062013-06-20 01.04.362013-06-19 23.23.17