

පොලොව මතුපිට ඉටි කොල එලා ඒ මත අතුරන කොහුබත් පාත්තියේ තනකොල පැල එකිනෙක සිටුවන තනකොල ගොවියෝ නිසි ලෙස වැවුනු පසු පිදැලි ලෙස කපා ගැනුම් කරුවන්ට විකුනති. නිවාස වල ගෙවතු අලංකාරය සදහා මෙන්ම සංචාරක හෝටල් වල මිදුල් හරිත වර්ණයෙන් සහ සිසිලසින් තබා ගැනීමට මෙම තනකොල පිදැලි පාවිච්චි කරයි. වෙලද පොලේ තනකොල පිදැලි වර්ග අඩියක මිල රුපියල් 40 -45 අතර වුවත් අතරමැදි වෙලෙන්දෝ වගා කරුවන්ගෙන් වර්ග අඩියක් මිලට ගනු ලබන්නේ රුපියල් 20කට තරම්වූ මුදලකටය.


තණකොල වගාවද මේවන විට අතරමැදියන්ගේ ග්‍රහණයට අසුවී ඇත. මේ වගාව සදහා කොහුබත් අත්‍යවශ්‍යවේ. එහෙත් මේ වන විට කොහුබත් අපනයන කිරීම ආරම්භ කර ඇති බැවින් තණකොල වගා කරන්නන්ට කොහුබත් සපයා ගැනීම තරමක් අපහසුවී ඇති අතර ඒ වෙනුවෙන් තරමක ඉහල මිලක් ගෙවිය යුතුව ඇත.
මේ වන විට මේ වගාව ආශ්‍රිතව බිම සකස් කිරීම, තණකොල සිටිවීම, පොහොර සහ වතුර දැමීම සහ පිදැලි කැපීම වැනි අතිරේක රැකියා කීපයක්ද නිර්මාණය වී ඇත.
අරුණ ශාන්ත නෝනිස්