තත්වය භායානකයි ! බලධාරින්ගේ අවධානයක් නෑ ! PHI සංගමයෙන් චෝදනා !

0
72

රට භයානක තත්ත්වයකට ඇදෙමින් පවතින බැවින් රට සම්පූර්ණ අගුළු දැමීමක් හෝ සංචාරක සීමාවන් පැනවීමක් කරන්නැයි තම සංගමය කරන ඉල්ලීම කෙරෙහි බලධාරින් තවමත් අවධානය යොමු කර නැතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කර ඇති බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කරයි.

තම සංගමය මෙම ඉල්ලීම දිගින් දිගටම කරමින් සිටින්නේ යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ලංකාදීපයට පවසා තිබුණි.
.
කොවිඞ් 19 වයිරසය වැළඳුණු රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් පවතින බැවින් රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ගෙන යාම ප්‍රමාද වීම් තව දුරටත් සිදුවන බව ද හෙතෙම එහිදි අවධාරණය කර තිබේ.

මෙසේ රෝගීන් රෝහල් සොයා ගෙන යාමේ දී ප්‍රමාදවිම හේතුවෙන් ඔවුන්ට වැඩි කාලයක් නිවෙස්වල රැදි සිටින්නට සිදුවන බවත් මේ හේතුවෙන් මරණ සංඛ්‍යාව වැඩි වීමට ඉඩකඩ ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර ඊයේ දිනයේ වාර්තා වි තිබුනේ බස්නාහිර පළාත් රෝහල්වල ඉඩකඩ පිළිබද ප්‍රශ්ණය දැනටමත් බරපතල අර්බුදයක් නිර්මාණය කර ඇති බවය.
අසාදිත බවට හදුනාගනු ලබන රෝගින් රෝහල් කරා ගෙනයාමේදි ඒ ඒ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දැවැන්ත ප්‍රශ්ණයකට මුහුණ දි ඇති ආකාරය රටපුරාම දැන් වාර්තා වෙමින් තිබේ