තනායමේ බිමට තාර දාන්න මීගමුව නගරසභාවෙන් කම්කරුවන්ව බලෙන් අරන් යයි ?

0
46

old rest houseමීගමුවේ පැරණි තානායමෙ භුමියට තාර දමන්නට මීගමුව මහනගර සභාවේ තාර ඇතුළු ව අනෙකුත් දෑ මෙන්ම කම්කරුවන්වද බලහත්කාරයෙන් ගෙන යෑමට පියවර ගෙනෙ ඇති නගරික මන්ත්‍රිවරයෙකු පිළිබදව මීපුරට වාර්ථා වේ.
කොච්චිකඩේ නගර සභාවට අනුයුක්තව සේවය කරන කම්කරුවන් පිරිසක් මෙසේ සැර පරුෂ වචනය කියමින් බලහත්කාරයෙන් ගෙන ගොස් මේ තාරදැමිමේ කටයුත්ත සිදුකරගෙන ඇත.
මේ සිදුවිම සම්බන්ධයෙන් මීගමුව නාගරික කොමසාරිස්වරයාගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ තමන්ට එවැනි සිදුවිමක් පිළිබදව තවමත් වාර්ථා වි නැති බවත් ඒ ගැන ලිඛිත පැමිණිල්ලක් ලැබෙන්නේ නම් ඒ වහාම පරික්ෂණයක් පවත්වන බවත් කියා සිටියේය.
අතිතයේදි සරදියෙල් කලේ සල්ලි ඇති පොස්තුන්ගෙන් කෝටි ගණන් වස්තුව කොල්ල කා ඒ වා දුප්පතුන් අතර බෙද දිමය.
එහෙත් මේ වත්මන සරදියෙල්ලා කරන්නේ මහජන දේපල මංකොල්ල කා ඒවා පොස්තුන්ගේ ව්‍යාපරික කටයුතු වලට උදව්කරන්නට යොදාගැනිමය.
මේ ඩුප්ලිකේට් සරදියෙල් ලෙසින් චෝදනා එල්ලවි තිබුනේ මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා හටය.