තමන්ගේ ගම ඩෙංගුවලින් වැනසෙද්දි විදෙස්ගතව සිටි ලංසා දැන් මීගමුවේ ඩෙංගු මර්ධනයට බැස්සේ ඇයි ?

0
76

naimal lansa 100මීගමුවේ පවතින ඩෙංගු අධිවසංගත තත්වය හමුවේ එය පාලනය කිරිම සදහා මේ අවස්ථාවේ මීගමුවේ සැමගේ දායකත්වය ඉතාමත් අත්‍යවශ්‍යයය.
ඒ අනුව බලන කල ඇමති ලංසාට මීගමුවේ ඩෙංගු මර්ධනය කිරිම සදහා දායකත්වය ලබාදිමට ඇති අයිතිය අප ඉතා ඉහලින් පිළිගන්නා බවද සටහන් කරනු කැමැත්තෙමු.
එහෙත් එය කිසියම් දේශපාලන සැලැස්මක ගැටයක් නම් එය ඇත්ත නැත්ත මීගමුවේ පාඨකයා හමුවේ තැබිමද අප විසින් කිසිසේත් අත්නොහල යුතු වගකිමක් බවද ප්‍රකාශ කළ යුතුව තිබේ.
මීගමුව තුල පසුගිය කාලයේ පිමි පණිමින් ඉදිරියට ආ ඩෙංගු වසංගත තත්වය මීගමුව තුල වැඩියෙන්ම වර්ධනය වෙමින් තිබුනේ දළුපත ප්‍රදේශයේය.dengu statictics
ජනවාරි මාසයේ එහි වාර්ථා වු රෝගින් ගණන 45 කි.පෙබරවාරි 04 කි.මාර්තු 17කි.අප්‍රෙල් 45කි.මැයි මාසයේදි 114කි.එහෙත් අවාසනාව වන්නේ දළුපත කේන්ද්‍රකොට සිටින කිසිදු දේශපාලකයෙකු මේ වංසගත තත්වය පාලනය කිරිම සදහා මුලිකත්වය ගත් බවක් පෙනුනේ නැත.
දළුපත කියන්නේ හිටපු නගරාධිපතිවරුන් දෙදෙනෙකු ,උපනගරාධිපතිවරයෙකු සහ දැන් නියෝජ්‍ය ඇමතිවරයකෙු සිටින ග්‍රාමයකි.මේ අය අතර දැන්  ප්‍රබලයා වන්නේ ඇමති නිමල් ලංසාය.
එහෙත් ඔහු පහුගිය කාලය තුල සිටියේ ලංකාවේ නොවේ. සිය පවුලේ අයත් සමගින් ඔහු ඕස්ට්‍රෙලියාවේ පදිංචියට ගොස් තිබුණි.
ඇති තතු එසේ වුවද දැන් හදිස්සියේම මීගමුවේ ඩෙංගු වර්ධනය මර්ධනය කිරිමේ වගකිම ඊයේ දිනයේ සිට ඇමති ලංසා විසින් භාරගෙන ඇති බව වාර්ථා වන අතර ඔහු විසින් කැදවා තිබුණ රැස්විමට මෙතෙක් මීගමුවේ ඩෙංගු ගැන වගේ වගක් නැතිව සිටි තවත් නාගරික මන්ත්‍රිවරුන් රැසක්ද එක්ව සිටිය බව සැලය.
හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු වු සේපාල මොරවකද එසේ එක්ව සිටි දේශපාලකයෙකු විය.
ඔහු වාසය කරන්නේද දළුපත නගරයේ වුවද ඔහු පහුගිය කාලය තුල ඩෙංගු පාලනය කිරිම සදහා කිසිදු සක්‍රිය මැදිහත්විමක් සිදුකළ අයෙකු නොවේ.
අප අමතක නොකල යුතු තවත් එක් කරුණක්ද අවධාරණය කරනු කැමැත්තෙමු.
මහනගර සභාව සෞඛ්‍ය කමිටුවේ හිටපු සභාපතිවරයා වුයේ ඇමති නිමල් ලංසාගේ සොහොයුරා වන හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාය.
මීගමුව තුල ඩෙංගු මදුරුවාගේ රුදුරු ග්‍රහණයට නතුනොකිරිම සදහා කිසිදු විධිමත් සැලැස්මක් හිටපු සෞඛ්‍ය කමිටු සභාපතිට තිබුනේ ද නැත.ඔහු මීගමුව තුල වසර 8 ක පමණ කාලයක් සදහා සිටි සෞඛ්‍ය කමිටුවේ ප්‍රධානියා බවද අප අමතක නොකළ යුතුය.
ඇමති ලංසාද හිමිකරුවෙකු බව කියන කුරණ පිහිටි ග්‍රැන්ඩිසා හෝටලයේ ඉදිකිරිම් කටයුතු සිදුවන සමයේ එහි ඩෙංගු රෝගින් 17 දෙනෙකු සිටි බවට රෝහල් වාර්ථා විසින්ම සනාථ කොට තිබියදි අප ඒ ගැන එවකට සෞඛ්‍ය කමිටු සභාපති වු දයාන් ලංසා මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ දි ඔහු කියා සිටියේ ඒ ගැන ඔහු කිසිවක් නොදන්නා බවය.
කෙසේ වෙතත් දැන් ග්‍රැන්ඩිසා ඩෙංගු බෝකරන ලද තැනක් ලෙසින් නඩුවකද පැටලි සිටි.dengu protest 3JPG
ඇමති ලංසා කලක් ක්‍රියාකාරි දේශපාලන කටයුතු වලින් ඉවත් සිට දැන් හුලං අත බලා රුවල් දාගන්නට පටන් ගෙන ඇත.
එහි අප්‍රකාශිත අරමුණ වන්නේ තමන්ව මිගමුවෙන් දේශපාලන වශයෙන් අතුගා දමා ප්‍රබල එජාප නායකත්වයක් මීගමුව තුල ස්ථාපිත විම නිසා එයට එරෙහිව යළිත් මුදල් පොම්ප කරමින් දේශපාලන කුමන්තුණ මෙහෙයුමකට දැන් අතගසා තිබේ.
ලංසාලා කල් යල් බලමින් සිටියේ මේ නායකත්වය එරෙහිව විවිධ ක්‍රමන්ත්‍රණ වලට පවා නායකත්වයක දෙමින් මීගමුව චිකාගෝවක් කළ ලංසා පාලනයට යළිත් නතු කරගැනිමටය.
මේ ක්‍රමන්ත්‍රණය සදහා මීගමුවේ එජාප ක්‍රියාකාරින් කිපදෙනෙකුවද යොදාගැනිමට ඔහු සමත්ව තිබුණි. ඒ අයද ලංසාගේ මේ ආගමනය ගැන දැන් සිටින්නේ සතුටිනි.
ඩෙංගු පාලනය හරහා ලංසාලා යළිත් මිගමුව වැල්ලවිදියෙන් පාලනය කරන චිකාගෝවක් කිරිමට සැලැස්මක් දියත් කර තිබේ.
ඒ සදහා රුපියල් ලක්ෂ ගණන් යොදවන්නට ලංසලා ඊයේ සිට පියවරගෙන ඇති අතර ඉදිරි කාලය තුල මේ ව්‍යාපෘතිය වෙනුවෙන් සල්ලි පොම්ප කරනු ඇත.එහි ප්‍රථිපලයක් ලෙස ඩෙංගු පාලනය සදහා යම් තල්ලුවක් ලැබෙනු නියතය.එය අප කිසිසෙත් බැහැර නොකරන අතරේ ඒ පිටුපස සැගව ඇති ඇත්ත අරමුණ ගැන පමණක් ජනයා දැනුවත් කිරිම මේ ලිපියේ අරමුණයි

Save

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here