තම දේශපාලන හෙංචයියන්ගේ වැඩතහනම් කළා යැයි දයාන් ලංසා කෝපවෙයි?

0
75

dayan1මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිත්වය දරන දායන් ලංසා නාගරික මන්ත්‍රිවරයා පසුගිය දිනක මහනගර සභාවේ නියෝජ්‍ය කොමසාරිස්වරිය හමුවේ කෝපයෙන් යුතුව චෝදනා කර ඇත්තේ තමන්ගේ මිනිස්සුන්ගේ වැඩතහනමට ලක් කර තිබෙන්නේ ඇයිද යනුවෙනි.
මෙහිදි ඔහු සිද්ධිමය වශයෙන් විමසා ඇත්තේ මීගමුව මහනගර සභාවේ ප්‍රධාන බේබදු රියදුරෙකුවන පියල් නැමැත්තා ගැනය.
පසුගිය දිනක ඔහු බිමතින් සිය පුද්ගලික ගමනක් සදහා නගර සභාවේ වාහනයක් රැගෙන යමින් තිබියදි මීගමුව නගර මධ්‍ය සිදුව ඇති අනතුරක් හේතුවෙන් නගර සභා වාහනයට ලක්ෂ ගාණක අලාභයක් සිදුකර තිබුණි.
මේ සිද්ධියේදි අධිකරණය හමුවේදිද ඔප්පු වි ඇත්තේ මේ රියදුරා බිමතින් වාහනය පදවා ඇතිබවය,
දායන් ලංසා මෙසේ නගර සභාවේ පරිපාලන නිළධාරින්ට තර්ජනය කරන්නේ තමන්ගේ දේශාපාලන ආධාරකරුවන් කැමති ඕනැම වරදක් සිදුකරමින් නිදැල්ලේ සිටින්නට ඉඩ ලබාදෙන ඉල්ලමිනි.
ඒ අනුව පෙනි යන්නේ මීගමුව තුල පළාත් පාලන නිතිය වෙනුවට ලංසා පවුලේ නිතිය ක්‍රියාත්මක කරන ලෙස ඔහු විසින් ඉල්ලා සිටින තත්වයකි.
පසුගිය ඌව මැතිවරණයේදි නගර සභාවේ වියදමින් ලක්ෂ 5 ක් ක්‍රිඩා භාණ්ඩ ඌවට ලබාදිම සදහා ගණකාධිකාරිවරයා විසින් එරෙහි වු අවස්ථාවේ ඇමති නිමල් ලංසා ගණකාධිකාරි වරයාට බැන වැදි තර්ජනය කර ඇත්තේ තමන් කියන දේ කරන්න බැරි නම් මීගමුවෙන් යන ලෙස බලකරමිනි.
මේ අනුව පැහැදිලිව පෙනි යන්නේ පළාත් පාලන නිතිය වෙනුවට මීගමුවට ලංසා පවුලේ නීතිය ආදේශවි ඇති සෙයකි.
ලංසා පවුලේ ආශිර්වාදයෙන් නගරාධිපතිධුරය ලබාගත් මීගමුවේ ජේෂ්ඨ ශ්‍රිලනිප ක්‍රියාකාරිකයෙකු වන ඇන්ටනි ජයවිර හට දැන් සිදුව ඇත්තේ පළාත් පාලන නීතියට පිටින් ලංසා පවුලේ නිතියට අනුව මීගමුව පාලනය කරන්නටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here