තමන්ට අපහස කළ අයට ශාප ඉල්ලා පොල් ගහනවා කිව්ව මන්ත්‍රිට වෙච්ච වැඩේ ?

0
329

16976869-A-cartoon-man-cries-many-tears--Stock-Photo-cryingමීපුර වෙබ් අඩවිය විසින් මීගමුවේ එක්තරා නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් පිළිබදව පුවතක් වාර්තා කර තිබුනේ මීට මසකට පමණ පෙරය.
ඒ විදෙස් ගමන් පිළිබදවය.
මේ පුවත හේතුවෙන් මහත්සේ කිපුණු මන්ත්‍රිවරයෙකු මීපුර අමතා කියා සිටියේ තමන්ට මේ අවලාද නිර්මාණය කරන අය කව්දැයි තමන් දන්නා බවත් ඒ සියල්ලන්ට ශාප ඉල්ලා තමන් පොල් ගසන්නට තිරණය කළ බවත් ඒ සදහා සුදානම් විමට තමන් සතියක් මස් මාංශ වලින් වැලකි සිටින්නට  තිරණය කර ඇති බවත් ඒ පුවතද පළකරන ලෙසත්ය.
අප ඒ ඉල්ලිම එලෙසින්ම ඉටුකළෙමු.
අප වැඩිදුරටත් අදාල මන්ත්‍රිවරයාට කියා සිටියේ තමන් පොල් ගසන දිනය දන්වන ලෙසත් අප එය ආවරණය කිරිමට අනිවාර්යෙන්ම පැමිණෙන බවත්ය.
කෙසේ හෝ එවන් ඇරයුමක් අපට ලැබුනේ නැත.එබවින් ශාප ඉල්ලා කරන්නට තිබු පොල් ගැසිම සිදුවුවාදැයි අප නොදනිමු.
එහෙත් අද උදෑසන අපට පුවතක් ලැබුණි.
ඒ අදාල මන්ත්‍රිවරයාගේ යතුරු පැදියට බල්ලෙකු පැණිම නිසා ඔහුට අනතුරක් සිදුව ඇති බවය.
අදාල පුවත අපට දැනුම් දුන් අය කියා සිටියේ මන්ත්‍රිවරයාගේ ශාපය ආපස්සට ක්‍රියාත්මකව ඇතිදෝයි තමන්ට සිතෙන බවය.
කෙසේ වෙතත් අප ඒ නාගරික මන්ත්‍රිවරයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු.