උන්වහන්සේ ප්‍රකාශකළේ මෙම අවස්ථාව මිනිසුන්ගේ සිත් හැරීමේ අවස්ථාවක් බවට පත්කරගතයුතු බවයි.තමන් ඇදහූ දෙවියන් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන ලෙසත්, මියගිය සියළු දෙනා වෙත අපිරිමිත කරුණාව, දයාව දෙවියන්ගෙන් අයැදින ලෙසත් උන්වහන්සේ පවසන ලදී.
තවදුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ අහවල් අය සම්බන්ධයැයි කියමින් , අහිංසක මිනිස්සුන්ට කරදර නොකරන ලෙසත්, සියළුදෙනාටම අපි මෙත්සිතින් තටයුතු කළයුතු බවත්, ඒ අනුව කටුවපිටිය ජනතාව ලෙස අපි ආදර්ශයක් දියයුතු බවත් ප්‍රකාශකරන ලදී. එසේම රෝහලේ වේදනාවෙන් කෑගසන අයටත් අපි දෙවියන්ගේ ආශීර්වාදය පතමු. දෙව්මැදුරට එන්න, බයවෙන්න එපා. ශාරීරිකව මරරුනත් අපි ජීවත්වෙනව.අපි ක්‍රිස්තු විශ්වාසයට සාක්ෂි දරමු. කිසිවෙකුට කරදර නොකරමු. මියගිය සියළුදෙනාගේ නම් ගලක කොටා සිහිවටනයක් සකස්කරමු. මේ සියළුදෙනා ප්‍රාණ පරිත්‍යාග වරුන් වශයෙන් තමයි මම දකින්නෙ. ඒ අය උතුම්, වටින අපේම සම්පත් ලෙසයි මම දකින්නෙ.
|