තමන් නොදන්න භාෂාවකින් විවාහ ගිවිස ගන්නා මීගමුවේ දමිළ ජනයා.?

0
317

hindu wedding(ඩී.තිසේරා -පෝරුතොට -)
මීගමුව යනු විවිධ ජාතින්ට හා විවිධ ආගම් වලට අයත් මිනිසුන් ජිවත් වන ප්‍රදේශයකි.සිංහල,දෙමළ, යන භාෂාව බහුතරයක් මීගමු ජනයා භාවිත කරති.සිංහල භාෂාවට මෙන්ම දෙමල භාෂාවටද අද ලංකාව තුල තැනක් හිමව පවති.
එසේ තිබියදී මීගමුව වෙසෙන දෙමළ භාෂාව භාවිතා කරන ජනයා දෛනික ජීිවිතයේ ප්‍රධාන  ගැටලුවකට මුහුන පා සිටි.
ඒ මීගමුව කච්චේරිය හෙවත් රෙජිස්ටාර් කාර්යාලයේ විවාහ රෙජිස්ටාර් කටයුතු සදහා දෙමළ භාෂාව භාවිතා කරන රෙජිස්ටාර්වරයෙකු නොමැති වීමයි.
විවාහය යනු මිනිසෙකුගේ සුවිශේශි අවස්ථාවකි එහිදි රෙජිස්ටාරවරයා  විසින් එම විවාහය නිතිගත කරයි.
නමුත් නොතෙරෙන භාෂාවකින් තම විවාහය සිදු කරගැනීමට අද මීගමුව දේමළ ජනතාවට සිදු වී ඇත.
මේ පිලිබඳව කීප වතාවක්ම නගර සභාවට පැමිණිලි කර තිබුනත් මේ වන තෙක්  කිසිම ප්‍රතිචාරයක් ලැබී නැත.හිටපු පුරපති නිමල් ලාංසාගේ සමයේදිද  මේ පිලිබඳව දැනුවත් කර ඇත. එම සමයේ  ඔහුගේ ඉල්ලීමකට අනුව  දෙමළ  ජනතාව මේ සදහා තිදෙනෙකු ඉදිරිපත් කර ඇතත් ඒ තිදෙනාම අසමත් වී ඇත. මෙම අවශ්‍යතාවය පිලිබදව   කාලයක සිට ඉදිරිපත් වී ඇතත් මේ පිළිබඳව අවධානය යොමුනොවීම කණගාටුවට කරුණකි.