”ද සිල්වා” මාවතේ තවමත් වලවල්.?

0
38

          මීගමුව, කොළඹ-හලාවත ප්‍රධාන මාර්ගයේ සිංගර් මෙගා ප්‍රදර්ශනාගාරය ඉදිරියෙන් ඇති තම්මිට දේවස්ථානය අසලින් ආරම්භ වී අඟුරුකාරමුල්ල විහාරස්ථාන සමීපයට විහිදී යන අතුරු පාර ” ද සිල්වා මාවත ලෙස හඳුන්වයි.  එම මාවතේ කලක සිට ගල් සහ තාර ගැලවී වලවල් සෑදී බෙහෙවින් අබලන් තත්ත්වයට පත්ව ඇති බව අප වෙබ් අඩවිය  මගින් මීට සති කිහිපයකට පෙර  දී ප්‍රවෘත්තියක් ද පල කලෙමු. එම ප්‍රවෘත්ති අප පළ කළේ වැසි සමය එළඹීමට පෙරාතුවය.


                එහෙත් සති කීපයක් ගතවී ඇති අතර තවමත් ” ද සිල්වා මාවත ” පිළිසකර කර නොමැත. මෙම මාවත අයත් වන්නේ බසුනාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරීයටය. එහෙත් මීගමුව මහා නගර සභාවෙන් හෝ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් හෝ මෙම මාවත මෙතෙක් පිරිසකර කර නොමැතිවීම කණගාටුවට කරුණකි..

ද සිල්වා මාවත යනු මීගමුව මහා නගර සභා බල ප්‍රදේශයේ ප්‍රධාන අතුරු මාවතකි. එය ප්‍රධාන අතුරු මාවතක් වන නිසාම එම මාවත කාපට් කර අලුත් වැඩියා කලේ මීට වසර කිහිපයකට පෙරාතුවයි.

එහෙත් මේ වන විට රථ වාහන ගමනාගමනයට තබා යතුරුපැදි දහවනයටත් අසීරුවන සේ මාවතේ බොහෝ තැන්වල වලවල් සෑදීම නිසා මෙම මාර්ගයෙන් යනෙන රථ වාහන හිමියන්ටත් යතුරුපැදිකරුවන්ටත්  පාපැදියෙන් යන අයටත් දැඩි අපහසුතාවයන්ට ලක්වීමට සිදුව ඇත.

              විශේෂයෙන්ම පහුගිය ගෙවුණු වැසි සහිත දිනවලදී මෙම වලවල් වල වැසි ජලය පිරි තිබීමෙන් මාවතේ ධාවනය වූ රථවාහන වලට මෙන්ම  යතුරුපැදිකරුවන්ටත් දැඩි අවදානම් සහිත තත්ත්වයක් යටතේ එම යතුරු පැදි ධාවනය කිරීමට සිදුවිය.

               මේ තත්ත්වය නිසාම මේ මාවතෙන් ගමන් ගන්නා රථ වාහන හිමියන් සහ යතුරුපැදිකරුවන්ද එලෙසම ප්‍රදේශවාසීන්ද  වගකීව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ  කඩිනමින්ම මීගමුව ප්‍රදේශයේ ප්‍රධානතම අතුරු මාර්ගයක් වූ “ද සිල්වා මාවත”  පෙර තිබූ පරිදි කාපට් කර යළි සකස් කර දෙන ලෙසයි.