තමාව කෝටිපතියෙකු කළ ස්වාමියාට යුතුකම් ඉටුකරන්න ලංසාත් පෙරමුණ ගනි.

0
27

ඇමති ලංසාගේ දේශපාලන අනාගතය ගැන පසුගිය කාලය තුල පැවැති සංවාදය තවත් අදියරකට ගෙන යමින් ඇමති ලංසා තමන්ව කෝටිපතියෙකු බවට පත්කළ සිය ස්වාමියාට  යුතුකම ඉටුකළ අන්දම අප ඊයේ නුගේගොඩදි දුටිමු.
මීගමුවේ සහ අවට විශාල දේපල ප්‍රමාණයකට හිමිකම් කියන ඇමති ලංසා පසුගිය දිනක දෙරණ රූපවාහිනියට කියා සිටියේ තමන් කිසිදාක මීගමුව මහනගර සභාවට පාපැදියකින් නොපැමිණි බවත් තම පියාට එකල පටන්ම මෝටර් රථ තිබුන බවත්ය.
එහෙත් ඔහු දෙරණට නොකි දෙයක් ඇත.
එනම් මාස 8 ක් ඇතුලත රුපියල් කෝටි 10 ක වඩා ලාභයක් සහිතව බොරළුසමන්තගේ නමට ගෙන තිබු හෝටලයක් විකුණු බවය.
එමෙන්ම චන්න නම්වු තමන්ගේ සමිපතම මිතුරාගේ නමට හෝටල් තිබෙන බවය.
වාහන කුලියට සපයන බෝබි නැමැත්තාගේ නමට තාත්තා වෙනුවෙන් ටෙන්ඩර් ලබාගෙන ඇති බවය,
මීගමුවේ ජනයා බලා සිටින්නේ මේ සියල්ල රටට දැනගන්නට ඉඩසැලසෙන දිනයක් එනතුරුය.lansa in Nugegoda