තමා වැරදි වාර්තා නිකුත්කර ඇති බව රසායනාගාර පරීක්ෂක රණවීර පිළිගනියි

0
145
DSC_0122
රසායනාගාර පරීක්ෂක එච්.ජී. රණවීර
2014 මැයි 29 වනදා මීගමුව ඩර්ඩනස් රසායානාගාරයෙන් නිකුත් කළ වාර්ථාව
2014 මැයි 29 වනදා මීගමුව ඩර්ඩනස් රසායානාගාරයෙන් නිකුත් කළ වාර්ථාව
2014 මැයි 26 වනදා රණවීර විසින් නිකුත් කර ඇති වාර්ථාව
2014 මැයි 26 වනදා රණවීර විසින් නිකුත් කර ඇති වාර්ථාව

 

2014 ජනවාරි 08 වනදා රණවිර විසින් නිකුත්කළ වාර්ථාව
2014 ජනවාරි 08 වනදා රණවිර විසින් නිකුත්කළ වාර්ථාව

DSC_0125


DSC_0118

රසායනාගාර පරීක්ෂකවරයෙකු ලෙස  මීගමුව ඇතුළු ආසන්න ප්‍රදේශවල තම සේවය ලබාදෙන එච්.ජී. රණවීර නැමැත්තාගේ වැරදි රසායනාගාර වාර්තා පිළිබඳව විමසීමට  අද පෙරවරුවේ දී මෙත්මා  වෛද්‍ය මධ්‍යස්ථානයට ගිය මීපුර ඇතුළු මාධ්‍යෙව්දීන් එහි ප්‍රධානී කරුණාරත්න මහතා මුණගැසුණි.
මේ ආකාරයට වැරදි වාර්තා නිකුත් කරන්නෙකුගේ සේවය මෙත්මා ආයතනය විසින් ලබාගැනීම නීති විරෝධී කටයුත්තක් නොවේදැයි ඒ මහතාගෙන් අප විමසූ අතර එම අවස්ථාවේදී ඔහු විසින් දුරකථනයෙන් කතාකොට රණවිර නැමැත්තා එම ස්ථානයට කැඳවන ලදී.
රණවීර නැමත්තාට  අදාළ වාර්තා පෙන්වා එම වාර්තා වල අගයන් වැරදි බව පෙන්වා දුන් අතර ,රණවීර නමැත්තා එම වාර්තා වැරදි බවට පිළිගන්නා ලදි. ඉන් පසු අවුරුදු  කීපයකට පෙර ගත් එම වාර්තා වල වැරදි අගයන් හේතුවෙන්  අදාළ රෝගියාට හානියක් සිදුවිය හැකිද යන්න විමසීමේදී ද ඔහු විසින් එය ද  පිළිගන්නා ලදී.

රෝගීයාගේ පාර්ශ්වය විසින් එම අවස්ථාෙව්දී මෙත්මා ආයතනයට දැනුම් දුන්නේ තවදුරටත් මෙවැනි රසායනාගාර පරීක්ෂකවරුන්ගේ සේවය ලබාගන්නවා නම් ඔබ සිදුකරන්නේ ද රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙලීමක් බවයි.
එමෙන්ම ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නීතිමය මැදිහත්වීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන අතර මේවැනි  වැරදි වාර්තා ලබාදෙන්නන් හා ඔවුන්ගේ සේවය ලබාගන්නා වෛද්‍ය මධ්‍යස්ථාන පිලිබඳව පුලුල් දැනුවත්කිරීමක්  සිදුකිරීමටත් බලාපොරොත්තුවන බව  රෝගීයාගේ පාර්ශවය විසින්  ඔවුන්ට ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම ශ්‍රිලංකා වෛද්‍ය කවුන්සලයේ ලියාපදිංචි අංක 1072 යැයි සදහන් මේ රසායනාගාර ශිල්පිය මීගමුවේ දැනට ක්‍රියාත්මක පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය කිපයකටම සිය සේවය ලබාදෙන දැනට වාර්ථා වන අතර මේ අතැම් ඒවායේදි එකි වෛද්‍ය මධ්‍යස්ථාන වල සිටින කව්රුන් හෝ සුදුසුකම් නැති අය විසින් සිදුකරනු ලබන වෛද්‍ය පරික්ෂණ වාර්තා සදහා මේ රණවිර නැමැත්තාගේ නිලමුද්‍රාව එහිතැබිම සදහා ලබාදි  තිබුන අවස්ථා ගැනද දැනට වාර්ථා වේ.
මීපුර වෙබ් අඩවිය විසින් පසුගිය කාලේ කරන ලද සොයාබැලීම් අනුව එච්.ජී. රණවීර නමැත්තාගේ වාර්තා නිවරදි නොවන බවට කරන ලද විමර්ශන වලදි ඇති තරම් සාක්ෂි  මේ වනවිට ලැබි ඇත.
ඇති අතර ඉදිරියේදී ද අප විසින් මෙවැනි ආකාරයට ජනතාවගේ ජීවිත සමග වගකීම් විරහිතව කටයුතු කරන පුද්ගලයන් පිළිබදව  විමර්ශනය කර පුලුල් මහජන දැනුවත් කිරීමක් සිදුකරන්නට සූදානමින් සිටින්නෙමු.

DSC_0112