තමිලිනිගේ ජීවිත කතාවට බාධකයක් ?

0
68
තමලින

තමිලිනිගේ ජීවිත කතාව ඇතුළත් ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමට බාධකයක් මතුව ඇතයි තමිලිනීගේ සැමියා පවසයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායිකා සුබ‍්‍රමනියම් සිවතායි හෙවත් තමිලිනී පිළිකාවක් හේතුවෙන් පසුගියදා මියගියාය.

ඇය මියයාමට පෙර සිය ජීවිත අත්දැකීම් ඇසුරින් පොතක් ලියා ඇති අතර ඇයගේ සැමියා විසින් එය මුද්‍රණය කර ඇත.

අදාළ කෘතියේ දෙමළ පිටපත මෙම මස 19 වැනිදා එළිදැක්වීමට සූදානම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසර ගැනීමට තමිලිනීගේ සැමියා කිලිනොච්චිය පොලීසිය වෙත ගොස් සිය අවශ්‍යතාවය ප්‍රකාශ කර තිබේ.

එහෙත් පොලීසියෙන් ඒ සඳහා අවසර නොලැබුණු බව ඔහු පැවසීය.

තමිලිනීගේ පොතේ පිටකවරය, තමිලිනී එල්.ටී.ටී.ඊ. නිළ ඇඳුමින් සිටින සහ එම සංවිධානයේ ධජය සහිත ඡායාරූප පොතෙන් ඉවත් කරන්නේ නම් පොත එළිදැක්වීම සඳහා අවසර ලබාදිය හැකියැයි පොලීසිය පැවසූ බව තමිලිනීගේ සැමියා පවසයි.

මෙම ග්‍රන්ථය ISBN අංකය ද සහිතව නීත්‍යනුකූලව මුද්‍රණය කර ඇති ග්‍රන්ථයක් හෙයින් පොලීසියේ මෙම බාධාකිරීම් ගැටලු සහගත බව තමිලිනීගේ සැමියා අප වෙත ප්‍රකාශ කළේය.

තමිලිනි පොත එළිදැක්වීමට එරෙහිව පොලීසිය විසින් බාධා පැමිණවීමෙන් අනතුරුව නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බවද වාර්තා වේ.

එසේම අදාළ ග්‍රන්ථය මුද්‍රණය කිරීම දඬුවම් නියම කළ හැකි වරදක් බව දන්වා තමිලිනීගේ සැමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවද වාර්තා වේ.

Home