තමීල්නාඩුවට වීරෝධය පළකිරීමේ යෝජනාවට මහසභාවේදී වාග් ප්‍රහාරයක්

0
142

මීගමුව මහා නගර සභාවේ අද  පෙරවරුවේදී පැවති අප්‍රෙල් මස මහා සභා රැස්වීමට
ආණ්ඩු පක්ෂ නාගරික මන්ත‍්‍රී සුනිල් සිල්වා මහතා යෝජනාවක් ඉදිරිපත් කර තිබිනි.
ඉන්දියාවේ, තමිල්නාඩු ප‍්‍රාන්තය තුල ශී‍්‍ර ලංකාවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට,සිංහල ජනතාවට සහ සමස්ථ ශී‍්‍ර ලාංකීකයන්ට සිදු වන  අසාධාරණයන් වලට දැඩි විරෝධය පල කල යුතු
බව එහි සදහන් විය.
එලෙසම එම යෝජනාවේ දෙවන ෙඡ්දයේ සදහන් වුයේ මෙරට ද්‍රවිඩ ජනතාවට
අසාධාරණයන් සිදු වන බවට පවසමින් තමිල්නාඩුව තුළ සිදු කරන උද්ඝෝෂණ සහ පහරදීම් වලට මීගමුවේ සිටින ද්‍රවිඩ ව්‍යාපාරිකයන් සහ සමස්ථ ද්‍රවිඩ ජනතාව පිලිතුරු දිය යුතු බවයි. එලෙස මීගමුවේ සිටින ද්‍රවිඩ ව්‍යාපාරිකයන් සහ සමස්ථ ද්‍රවිඩ ජනතාව ඉදිරිපත් වී මෙරට තුල අප සියඵ අයිතිවාසිකම් භුක්ති විදිමින් ජීවත් වන බව ජාත්‍යන්තරයට සහ තමිල්නාඩුවට ප‍්‍රකාශ කල යුතු යැයිද එම යෝජනාවේ වැඩි දුරටත් සදහන් වී තිබිණි.
මෙම යෝජනාවේ පළමු ‍ජේදයට එනම්  ශී‍්‍ර ලංකාවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ,සිංහල ජනතාවට සහ සමස්ථ ශී‍්‍ර ලාංකීකයන්ට සිදු වන  අසාධාරණයන් වලට දැඩි විරෝධය පළ කල යුතු බවට වන ප‍්‍රකාශය සදහා නගරාධිපති ඇන්ටණි ජයවීර මහතා ඇතුඵ සියඵ පක්ෂ විපක්ෂ නාගරික මන්ති‍්‍රවරු තම එකගත්වය ප‍්‍රකාශ කල ද විශේෂයෙන්ම විපක්ෂයේ මන්තී‍්‍රවරු
සියඵ දෙනා මෙම යෝජනාවේ දෙවැනි ‍ෙඡ්දයේ සදහන් වන ප‍්‍රකාශයට
දැඩි විරෝධය එල්ල කලහ.
මේ පිලිබදව අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ දයාල් නිලංග නාගරික මන්තී‍්‍රවරයා එක් අවස්ථාවක සදහන් කලේ මේ රට සිංහල රට බවයි. එනම් සිංහළ ජාතිය මෙරට මහා ජාතිය බවත් 1815 න් පෙර මෙරට සිටියේ සිංහල ජාතිය පමණක් බවත් ඉන්පසු මුස්ලිම් ජාතිකයන්  මෙරටට පැමිණියේ වෙළදාමට පමණක් බවද පැවසීය. ඉන්පසුව සභාවේ සිටි ආණඩු පක්ෂයේ නියෝජ්‍ය නගරාධිපති මොහොමඞ් සකාවුල්ලා සහ මොහොමඞ් ෆරීස් යන මන්ති‍්‍රවරුද එලෙසම විපක්ෂයේ මොහොමඞ් නස්මිහාර් මන්ති‍්‍රවරයාද එම ප‍්‍රකාශයට අවේගශිලිව දැඩි වාග් ප‍්‍රහාර එල්ල කරන්නට වුහ.
ඉන් පසුව ද කථා කළ සියඵ පක්ෂ විපක්ෂ නාගරික මන්තී‍්‍රවරු ද මෙවැනි යෝජනාවක් මෙම සභාවට ඉදිරිපත් කිරීම පිලිබදව සිය කනස්සල්ල පල කලහ. එලෙසම පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරු සියල්ලන්ම පාහේ නගරාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ සභාවේ මන්තී‍්‍රවරුන් අතර ජාතිවාදී සහ ආගම්වාදී හැගීම් ඉස්මතු කරමින් සභාවේ එකමුතුභාවය සහ සහෝදරත්වයට හානි කරන මෙවැනි
අර්ථාන්විත නොවන යෝජනා මින්මතු සභාවට ඉදිරිපත් කිරීමෙන් වලකින ලෙසයි.