තඹගල අනතුරේ!

0
216
wp 1668695341305
wp 1668695263594

මීගමුව, පිටිපන, බසියාවත්ත, තලාහේන, දුංගාල්පිටිය , සෙත්තප්පාඩුව ( මගේ උපන් ගම ), කැපුන්ගොඩ , සරක්කුව, උස්වැටකෙයියාව ආදී ප්‍රදේශ රැසක් සුනාම් ව්‍යසනයෙන් බේරාගත්තේ මේ ආදරණීය ගල්වැටියයි.

ඒත් මේ කාලකණ්ණි ආණ්ඩුවල සංවර්ධන ව්‍යාපෘතිවලට මේවා වැඩක් නැහැ. උන්ට සල්ලි නම් ඕනෑ අම්මාව හරි විකුණනවා. ඒක තමයි ඇත්ත.

මීට දින කීපයකට ඉහත මීගමුවේ ඔලන්රෝ හෝටලයේ ධීවරයන් කැඳවලා ඩොලර් හිඟය ගැන කියලා අදාල බලධාරීන් කිව්වේ ඒකයි.

wp 1668694848327

ආණ්ඩුව වන්දි කතා කියලා මේ වෙලාවේ වැලේ වැල් නැතුව ඉන්න ධීවර ජනයා රවට්ටන්න ලෑස්තිය. අදානි සමාගමට ඉඹලා අපේ මූද හා වෙරළ පාවාදෙන්න සූදානම් අයත් ඇති. ඒත් හැමෝම එහෙම නැහැ.

ධීවරයන් විතරක් නෙමේ මේ පළාත්වල ජීවත්වෙන්නේ. මුලු ප්‍රදේශයේම පැවැත්මට මේක බලපානවා.

මූදෙන් වැලි ගහන්න අනුමැතිය දෙන පණත්දෝ මොනවද පාස් කරන මීගමු නරක සභාවේ ආණ්ඩුවේ උන්නාන්සේලාට මේක එතරම් බරපතල නැතුව ඇති මයෙ හිතේ.

මේ ඡායාරූප දාන්නේ මේකේ බරපතලකම නොතේරෙන අයට තේරුම් ගන්නයි. අම්මව මුදලට විකුණන උනුත් අපේ පළාත්වල ඉන්නව. ඒත් අපි එහෙම වෙන්න ඕනේ නැහැ. දිවි පරදුවට තියා හෝ ඒක රැක ගනිමු.

(අජිත් හැඩ්ලි පෙරේරාගේ ෆේස් බුක් පිටුවෙනි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here