තරුණයන්ට ආතල් දෙන ”ඇපල් පෙති” විකුණන මීගමුවේ ෆාමසිකාරයෝ කව්ද ??? ?

0
702

Tramadol-Xපෙත්ත තරුණයන් වනසන මීගමුවේ ව්‍යසනයක් වෙමින් පවතින ලකුණු දැන් පෙනේ .
දරුණු පිළිකා තත්වයක් වැනි රෝගින්ගේ  වේදනාව සමනය කිරිමට ඉවහල් වන ට්‍රැමඩෝල් නම් පෙති වර්ගය මීගමුවේ තරුණයන් අතර ජනප්‍රිය වෙමින් ඇත්තේ ඇපල් පෙත්ත යනුවෙනි.මේ පෙති  80 ක් සමගින් පසුගිය 25 වනදා මීගමුව රෝහලේ ඔෘෂධවේදියෙකු අත්අඩංගුවට ගැණුනි.
ඔහු අනුරාධපුරය සිය උපන් ගම කරගත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවෙකි.
එවැන්නෙකු මේ පෙත්තේ ආදිනව ඉතා හොදින් දනි.
එහෙත් සල්ලි වලට තරුණයන්ගේ ජිවිත බිලිගැනිමට මේ පාවාරම්කාරයෝ දැන් පුරුදුවි සිටිති.
තරුණයන්ට ආතල් දෙන ඇපල් පෙති බෙදා හැරෙන ජාලයක මීගමුවේ පුරුකකි.
මෙසේ ට්‍රැමඩොල් පෙති තරුණයන් සදහා අධික මිළකට අලෙවි කරනු ලබන ෆාමසි කීපයක් මීගමුව තුල ක්‍රියාත්මකව ඇතැයි දැනගන්නට තිබේ.
මේ ගණුදෙනුව කරනු ලබන්නේ සිය පළපුරුදු ගැනුම්කරුවන් හා පමණි.
මේ ගණුදෙනු කරුවා සිය මිතුරන්ගේ අවශ්‍යතාවය සදහා අවැසි ප්‍රමාණයන්ද මුදල්ද සහිතව තමන් ගණුදෙනු කරනු ලබන ෆාමසිය වෙත පැමිණ මේ කරල් මිළට ගනි.
වරක් මීගමුව මෙසේ ෂුඩොල්කරණයකට ලක්ව තිබුන සමයක මීගමුවට පැමිණි අල්විස් නම්වු දක්ෂ සහකාර පොලිස් අධිකාරිවරයෙකු අස්සක් මුල්ලක් නෑර පීරා තරුණයන් බිල්ලට ගන්නා මේ මත් පෙති වංසගතය පාලනය කරන්නට පියවර ගෙන තිබුණි.
දැන් යළිත් එය හිසඔසවන්නට පටන් ගෙන තිබේ.
පොලිසිය සිය හැකි වෙර යොදා මේ තත්වය පාලනය කිරිමට පියවර ගත යුතුව තිබේ.

Save

Save

Save