තරුණයාගේ මරණයට හේතුව වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලයි.ඥාතිහු කියති.

0
63

  තරුණයෙකු පසුගිය 08 වනදා මීගමුව රෝහලේදී මියගොස් තිබුනේ ශල්‍යකර්මයෙන් පසු ඇතිවූ සිහි නොලැබීමේ තත්ත්වයක් මතය.මිය ගිය තරුණයාගේ දෙමව්පියන් පවසන්නේ මෙම ශළ්‍යකර්මයට රෝගියා සුදානම් කිරිමේදි අදාල වෛද්‍යවරුන් විසින් නිසි වෛද්‍යමය ක්‍රියාමාර්ග නොගෙන තිබිම මෙම අවාසනාවන්ත මරණයට හේතුව බවයි.
මෙසේ මියගිය ගොස් ඇත්තේ  ඩබ්. තුසිත සතිස්චන්ද්‍ර පෙරේරා වන අතර ඔහු කටානේ පදිංචි තරුණයෙකි. මිය යන විට ඔහු සේවය කරමින් සිට ඇත්තේ මීගමුව සිටිසන් ඩිවොලොප්මන්ට් බැංකුවේයි.

පසුගිය 07 වනදා සිය උදරයේ ඇතිවූ තද වේදනාවක් නිසා  පුද්ගලික වෛද්‍යවරයෙකු හමුවූ පසු ඔහු පවසා ඇත්තේ මෙය ඇපන්ඩිස් රෝගී තත්ත්වයක් බැවින් රෝහලට ඇතුළත් වන ලෙසයි. පසුව ඔහු එදිනම මීගමුව රෝහලට ඇතුළත්වී ඇති  අතර රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇපන්ඩිස් රෝගය නිසා මෙම වේදනාව  මතුවී ඇති බැවින් ඔහුව ශල්‍යකර්මයකට භාජනය කළ යුතු බවයි.

ඔහු එදිනම 06 වන වාට්ටුවේ නැවතී ඇති  අතර පසුවදා පෙරවරු 8 ත් 9ත් අතර ශල්‍යකර්මයට  ඔහුව භාජනය කර ඇත.

ශල්‍යකර්මයෙන් පසු විනාඩ් 45ක් පමණ පසුවත් මෙම තරුණයාට පියවි සිහිය නොලැබී ඇති අතර ඇගේ සොහොයුරිය  පවසන්නේ ශල්‍යගාරය අසල වෛද්‍යවරුන් කලබලවී සිටිනු දැක තමා ඒ බව විමසූ විට ඔවුන් පවසා ඇත්තේ ශල්‍යකර්මය අවසන් නමුත් තවමත් සිහිය නොපැමිණි බවයි.

මීගමුව රෝහලේ ළමා වාට්ටුවේ හෙදියක් ලෙස සේවය කරන ඔහුගේ සොෙහායුරිය  එම අවස්ථාවේදී  එම ස්ථානයේ දිගටම රැදී සිට ඇත. පැයකට පසුව ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා තිබේ.
මියගිය තුසිතගේ දෙමව්පියන් පවසන්නේ ශල්‍යකර්මයට සුදානම් වන අවස්ථාවේදීත් ඔහු ඉතා නිරෝගී සුවයෙන් සිටි අතර සිය පියාට දුරකථන ඇමතුමක්ද ලබාදුන් බවයි. ඔවුන් පවසන්නේ තුසිත ව ශල්‍යකර්මයට භාජනය කිරීමට පෙර සිදුකළ යුතුව තිබූ මූලික වෛද්‍ය පරීක්ෂණ කිසිවක් වෙද්‍යවරුන් ට  විසින් කර නොමැති බවයි. ඊ.සී.ජී. වාරතාවක් හෝ රුධිර පීඩනය තත්ත්වය පිළිබදව  සැලකිල්ලට නොගෙන සිදුකළ නිර්වින්දනය කිරීමක් නිසා සිය පුතාට මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දීමට සිදුවූ බව ඔවුන් පවසති.

ඩබ් තුසිත සතිස්චන්ද්‍ර පෙරේරා අධ්‍යාපනය ලබා ඇත්තේ වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයෙනි.