තරුණයෙකුට දිවි අහිමි කළ බන්ධනාගාර බස්රථ අනතුර ගැන ප්‍රශ්ණ වැලක් ?

0
192

Accident 2පසුගිය සැප්තැම්බර් 07 රාත්‍රියේදි අගරදගුරු නික්ලස් මාවතේදි මීගමුව බන්ධනාගාර බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටිමෙන් සිදුව තිබුණ මරාන්තික අනතුරු පිළිබදව මේ වන ගැටළු රැසක් මතුව ඇතැයි වාර්ථා වේ.
මීගමුව දෙසට යමින් තිබුණ බස්රථයේ ගැටි ඇත්තේ මීගමුව දෙසින් පැමිණ තිබුණ යතුරු පැදියකි.එහි ගමන් ගත් තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකු එම ස්ථානයේදිම මිය ගොස් තිබුණ අතර අනෙක් තරුණයාව අසාධ්‍ය තත්වයෙන් මිගමුව රෝහලට ඇතුළත් කර තිබුණි.
මිය තරුණයා මිගමුව දූව ප්‍රදේශයේ අයෙකු වන අතර විවාහ පත්ව මසක්ද ඉක්ම ගොස් නැත.
දැනට වාර්ථා වන අන්දමට බන්ධනාගාර බස්රථය පැමිණ ඇත්තේ පාර මැදට වන්නටය.
එහෙත් මෙම අනතුර සිදුව ඇති අකාරය ගැන දැනගැනිමට උදව්ව කර ගත හැකිව තිබුණ අවට කිසිදු CCTV දසුන්ද නැතැයි මිය ගිය තරුණයාගේ පාර්ශවය මිපුර වෙබ් අඩවිය අමතා පවසා සිටියේ මෙම අනතුරට අදාලව බන්ධනගාර බස්රථයේ රියදුරු මුළුමනින්ම වගකිව යුතු යැයි චෝදනා කරමිනි.
රථයේ රියදුරාගේ රියදුරු බලපත්‍රයේ සිටම ගැටලු රැසක් ඇතැයිද ඔවුන් වැඩිදුරටත් පවසා සිටියහ.

Save

Save