තරුණයෙකු බිලිගත් ටිපර් මාරයා

0
192


(17.47pm) ඊයේ රාත්‍රී 8.00ට පමණ කට්ටුව කනත්ත අසලදී වැලි ප්‍රවාහනය කරමින් සිටි ටිපර් රථයකට   හැපී  තරුණයෙකු  මරණයට පත්විය. මෙම අවසානාවන්ත සිදුවීමට එක් හේතුවක් ලෙස රාත්‍රි කාලයේදී ඉවක් බවක් නොමැතිව සිදුකරන වැලි ප්‍රවාහනය කිරීම් බව පොලීසිය පවසන අතර මේ වනතෙක් රියදුරන් මහ මගදී සිදුකරන විණය විරෝධී ක්‍රියා නැවත්වීමට පොලීසියට හෝ කිසිදු බලධාරියෙකුට හැකියාවක් ලැබී නොමැත.  පුද්ගලික බස් රථවල රියදුරන් තවමත් පාරේ රිය පදවන්නේ දුරකථන පාවිච්චි කරමින් වන අතර ඔවුන් මහ මග රේස් යන්නේ මගීන්ගේ ජීවත අවධානයට ලක්කරමිනි. මෙම විණය විරෝධී ක්‍රියා නැවැත්වීමට  දැනට වඩා දැඩි ක්‍රියාමාර්ග ගතයුතු අතර මෙම වාහන අයත් කොම්පැණි විසින් වාහන තුළට කැමරා සවිකිරීමත් මහ මාර්ගයේ කැමරා සවි කිරීමත් කඩිනමින් සිදුනොකළහොත්  මෙවැනි බරපතල අනතුරු වලක්වා ගැනීමට  නොහැකි වනු ඇත. මෙහිදී පොලීසිය අවධානය යොමුකළ යුත්තේ මෙම වැරැද්ද සිදුවීමට හේතුවන කාරණා දෙස වන අතර  ඒ සදහා ගන්නා පියවර මගින් රියදුරන් අතින් වැරදි සිදුවීම අවම කළ හැකිය.IMG-20180711-WA0015 IMG-20180711-WA0018 IMG-20180711-WA0017