මීගමුව රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය තුල තරුණියකට ලිංගික අතවරයක් කළැයි චෝදනාවකට ලක්ව සිටින වෛද්‍යවරයාට විදෙස් ගමන් තහනමක් ඊයේ ( 07 ) අධිකරණය මගින් පණවා ඇතැයි වාර්තාවේ .
ඒ මිගමුව පොලිසිය විසින් සිදුකර තිබුන ඉල්ලිමක් පදනම් කොටගෙනය.
අදාල වෛද්‍යවරයාගෙන් කටඋත්තරයක් ලබාගැනිමට පැමිණෙන ලෙස දැනුම් දි තිබුණද ඔහු සිය මාරවිල නිවසේ නැති බවටද තොරතුරු වාර්තාවි තිබුණි.
මේ අතර තවත් අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබාගැනිම සදහා වින්දිත තරුණියව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමුකර තිබුණ අතර විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් 6 දෙනෙකු පමණ ඊට එක්ව සිටි බවද සැලය.
කෙසේ වෙතත් මෙම අතවරය සිදුව තිබුනේ මාර්තු 31 වෙනිදාය.
එනම් සති දෙකකටත් කලිනි. එහෙත් මිගමුව පොලිසිය සැබැවින්ම මුලදි ක්‍රියාකාර තිබුනේ හොර ගල් අහුලමින් බව දැන් වඩාත් පැහැදිලිය.
අප්‍රේල් 02 වෙනිදාත් චෝදනා ලැබ සිටින වෛද්‍යවරයා මිගමුව රෝහලේ බාහිර රෝගි අංශයේ සිටි බව අප හෙළිකර ඇත.
දැන් ඔහු කොහේ පැන ගොසිනි. රාජපක්ෂවාදියෙකු වු ඔහු පසුගිය කාලයේ මැතිවරණ වලට තරග කිරිමටද සුදානමින් සිටි බව ප්‍රකටය.
කෙසේ හෝ දැන් දොස්තර මිසින්ය.
මිගමු පොලිසියේ අදාල බලධාරින් බළධාරිණියන් වැඩ බැරි ටාසන්ලාදැයි මිගමුවේ සවිඥානක පුරවැසියන් ප්‍රශ්ණ කර සිටින්නේ දොස්තර පැන යන්නට තරම් කාලයක් ඔහුට ලබා දුන්නේ ඇයිදැයි අසමිනි.