තරුණ ගැටළු ඉදිරිපත් කිරීමට හිප්පොප් යොදගැනීමට කැනඩාව සැරසේ

0
81

කැනඩාවේ ජීවත්වන තරුණ පිරිස් විසින් තමන් මුහුණදෙන මෙන්ම කාලීන ප්‍රශ්ණ ඉදිරිපත් කිරීම සදහා වඩාත් නීවන ක්‍රමයක් සොයාගෙන තිබනවා. මේ ආකාරයෙන් ඔවුන් තමන්ගේ ප්‍රශ්ණ ඉදිරිපත් කිරීමට යොදාගෙන ඇත්තේ හිප් පොප් සංගීතයයි.

2014 වසරේදී සිට කණ්ඩායමක් විසින් පවත්වනු ලැබූ  වැඩමුළු වලදී ගීත රචනය,පටිගතකිරීම,ශබ්ද හා වීඩියෝ නිෂ්පාදනය වැනි ක්ෂේත්‍රයන් ආවරණය වීම නිසා මේ වන විට තරුණ පිරිස් ඒ ක්ෂේත්‍රය සදහ් වැඩියෙන් යොමුවීමේ තත්වයක් ඇතිවී තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ ඒ ආකාරයෙන් තමන්ගේ නිර්මාණයන් හරහා සමාජයේ මෙතෙක් අවධානයට යොමු නොවූ තත්වයන් ඉදිරිපත්කරන වීඩියෝ කිහිපයකුයි.

මේ වන තෙක් කිසිදු තොරතුරක් වාර්ථා නොවු තරුණියන් විශාල පිරිසක් ඝාතනය වූ ස්ථානයක් වශයෙන් සැලකෙන Highway 16 ලෙස සැලකෙන අධිවේගී මාර්ගය පිලිබදව ඉදිරිපත් වූ නිර්මානයක්.

පහතින් දැක්වෙන වීඩියෝවේ දැක්වෙන්නේ වීඩියෝ ගේම් යන මාතෘකාව යටතේ නිර්මාණය වූ මෙම නිර්මාණය ලෝකයෙන් ඇතිවන බලපෑම් වලින් වසන් වී සාම්ප්‍රදයන් හා සංස්කෘතිය පවත්වාගෙන යාමේ වැදත්කම ඉදිරිපත් කරයි.

 

මේ ආකාරයෙන් වන විවිධ මාතෘකාවන් පාදක කරගනිමින් මෙ නිර්මාණයන් නිර්මානය වී ඇති නිසා ඩි දෙනාගේ අවධනායට මෙන්ම ප්‍රසාදයටත් මේ නිර්මාණ පාත්‍ර තිබෙනවා.

 

https://globalvoices.org ඇසුරිණි