තරුණ ජිවිතයක් බේරාගැනිමට මාධ්‍යවේදියෙකු මැදිහත්වෙයි !

0
126

මිගමුව පිටිපන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් උඩුගම්පල ප්‍රදේශයේ දුරකථක කුළුනක් මතට නැගි උපවාසයක් ආරම්භ කර තිබුනේ දැනට වසර කීපයකට පෙර තම බිරිද විදේශ රැකියාවක් සදහා ජෙර්දානයට ගොස් ඇති අතර දැනට මාස නවයක පමන සිට සිය බිරිඳ ජොර්දානයේ කදවුරකව සිටින බැවින් ඇය ගෙන්වා දෙන්නැයි ඉල්ලා සිටිමින්.
24 හැවිරිදි මේ තරුණයා මිගමුව පිටිපන මාළු ලෙල්ලමේ මාළු පෙට්ටි ලොරිවලට පැටිමේ රැකියාවක නිරතව සිටින අයෙකි.

විදේශකටයුතු අමාත්‍යංශයේ බලධාරින්ට මෙන්ම අනෙකුත් බලධාරින් වෙතද සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කළ ද විසදුම් ලැබි තිබුනේ නැත.
අඩි 216 ක් උස කුළුණක් මතට පසුගිය 16 වෙනිදා නැග උපවාසයේ යෙදුන ඔහුගේ ජිවිතය බේරාගැනිමට මැදිහත්වි තිබුනේ උඩුගම්පල ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකි.

පියපේම මාණික්කරත්න


පොලිසිය විසින් පවා අවස්ථා කිපයදි මෙම තරුණයාව උපවාසය අවසන් කොට බිමට බස්සවා ගැනිමට විවිධ උත්සාහ ගෙන තිබුනද ඒ සියල්ල ආසාර්ථක වු තැන ප්‍රියපේම මාණික්කරත්න මාධ්‍යවේදියා ඔහු සමග සාකච්ජා කිරිමට කුළුණ මතටද නැග තිබුණි.පසුව සංවාරක ඇමති ප්‍රසන්න රණතුංග හමුවි ප්‍රශ්ණය සාකච්ජා කිරිමට එකග විමෙන් පසු මෙම තරුණයා බිමට බැස තිබුනි
වෙනදා මෙවැනි සිදුවිම් වාර්තාකරණයේ පමණක් නියැලුන මාධ්‍යවේදියා ඊයේ දිනයේ වාර්තාකරණයටත් වඩා ජිවිතයක් බේරාගැනිම වෙනුවෙන් සිය වෘත්තිය වගකිම මෙහෙයවා තිබුණි.
ඒ අනුව අදාල තරුණයා සමගින් සංවාරක ඇමතිවරයාගේ නිළධාරින් හමුවි සියළු විස්තර ලබා දි තිබුන අතර ජනවාරි 24 දායන් පසුව ජෝර්දානයේ සිට පැමිණෙන ගුවන් යානයක ඉඩවෙන්කර දිමට ඇමති කාර්ය මණ්ඩලය එකග වි තිබේ